ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති යහපාලන ක්‍රියාදාමයට පූර්ණ සහය ලබා දෙන්නැයි චීන රජයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලීමක් කර ඇත.
චීනයේ ජාතික මහජන කොංග්‍රසය සහ ජාතික මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසිවාර දෙකට සුභාශිංසන පිරිනමමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙම ඉල්ලීම කර තිබේ.
ප්‍රතිසංස්කරණ පුළුල් කරමින් සහ නීතියේ පාලනය ශක්තිමත් කරමින් චීනය ප්රජාතන්ත්රවාදී ලෝකයේ වේගවත් ඉදිරි ගමනක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් රජය ද ව්‍යවස්ථා සංශෝධන සමඟ යහපාලනයක් රට තුළ ඇති කිරීමට ප්රයත්න දරමින් සිටී.
1951 සිය දෙරට අතර මිත්‍ර සබඳතා දැඩි වී තිබේ. එම ඉපැරණි මිත්‍රත්වය මත සිට තමන් චීනයේ ව්‍යවස්ථාදායක වාර්ෂික සම්මේලනවලට සුබ ප්‍රාර්ථනා කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයට ප්‍රකාශ කර ඇත.
kpm/CRI