මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සපිරි ගමක්‘ වැඩසටහන මගින් ගාල්ලේ ව්‍යාපෘති 2694ක් බල ගැන්වේ

    ජනවාරි 18, 2020

    අතිගරු ජනාධිපතිතුමන්ගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ, මේ වන විට දිප ව්‍යාප්තව ක්‍රියාවට නංවන “සපිරි ගමක් ජනතා සහභාගිත්ව වැඩසටහන“2020 ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යපෘති 2624ක් සඳහා යෝජනා ලබා දි ඇති බව දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යලය සඳහන් කරයි.

    ඒ යටතේ දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 1792ක වටිනාකමින් යුත් ව්‍යාපෘති මේ වන විට ශක්‍යතා අධ්‍යන සඳහා ඉදිරිපත්ව ඇත. දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මෙම සියළු ව්‍යාපෘති ක්‍රියාත්මක කල යුතු අතර, මෙම වසරේ නොවැම්බර් 30 වැනිදාට පෙර එම සියළු ව්‍යාපෘති අවසන් කල යුතුය. දිස්ත්‍රික්කයේ වැඩිම ව්‍යපෘති සංඛ්‍යාවක් ඉදිරිපත් වි ඇත්තේ, හික්කඩුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙනි. ඒ ව්‍යාපෘති 269කි.මාර්ග, පාලම්, ඇල මාර්ග, ප්‍රජා ජල යෝජනා, පාසල් සංවර්ධන ව්‍යපෘති, සහ සෞඛ්‍ය ව්‍යපෘති මේ යටතේ කැපි පෙනේ.

    මෙම සියළු ව්‍යපෘති ග්‍රාමිය ප්‍රජා කමිටු මගින් හදුනාගත් ව්‍යාපෘති වන අතර, උපරිමය රුපියල් ලක්ෂ 20දක්වා සහ අවමය රුපියල් ලක්ෂ 05 දක්වා වූ ව්‍යාපෘති වශයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇත. මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය වෙතින් මිට ප්‍රතිපාදන යොමු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya