මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසු සුව උදාන සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයක් කිරින්ද - පුහුල්වැල්ලේ දී

    ඔක්තෝබර් 18, 2019

    සිසු සුව උදාන සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයක් නොබෝදා කිරින්ද පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

    සෞඛ්‍ය, අධ්‍යාපනික, තාක්ෂණික, විද්‍යා, ආපදා කළමනාකරණ හා කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අදාළව ප්‍රදර්ශන කුටි මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබුණි. එහි දී පාසල් ළමුන් විසින් නිර්මාණය කරන ලද ප්‍රදර්ශන කුටි අතර පැවති තරඟයෙන්
     ප්‍රථම ස්ථානය මාර/වලකන්ද කනිෂ්ඨ විද්‍යාලයට ද, දෙවන ස්ථානය මාර/දම්මුල්ලගොඩ කනිෂ්ඨ විද්‍යාලයට ද, තෙවන ස්ථානය මාර/දේවාලමුල්ල කනිෂ්ඨ විද්‍යාලයට ද හිමි විය. කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොඳම ඩෙංගු මර්දන වැඩසටහන් පැවැත් වූ පාසල් අතරින් ප්‍රථම ස්ථානය හිමි කරගත් මාර/දම්මුල්ලගොඩ කනිෂ්ඨ විද්‍යාලයට රු. 5000.00 ක මුදල් ත්‍යාගයක් ද, දෙවන ස්ථානය හිමි කරගත් මාර/කරතොට මහ විදුහලට රු. 3000.00 ක මුදල් ත්‍යාගයක් ද, තෙවන ස්ථානය හිමි කරගත් මාර/හෙට්ටියාවල නැගෙනහිර විදුහලට රු. 2000.00 ක ත්‍යාග මුදලක් ද පිරිනමන ලදි.
    කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා කිරින්ද - පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය එක්ව මෙම සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය සංවිධානය කළ බව එම විද්‍යාලයේ විදුහල්පති අනුර වන්නිගේ මහතා පැවසී ය. කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 11 ක් මේ සඳහා එක්වී සිටියහ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya