ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස්‌ කළයුතුයි - ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්‌ මහතා

    ඔක්තෝබර් 18, 2024

    ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස්‌ කළයුතු බවත්‌, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින්‌ ඉදිරියට යායුතු බවත්‌, බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්‌ මහතා පැවසීය.

    ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම්‌ ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩලය පත්‌ කරමින්‌ ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද(18) පැවති රැස්වීම්‌ සභාව අමතමින්‌ ඒ මහතා මේ බව පැවසීය.

    පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස්‌ කිරීමේදී ඒ සම්බන්ධයෙන්‌ පෞද්ගලික හිතවත්කම්‌ අදාළ වූ බවට චෝදනා තිබූ බවත්,නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන්‌ මැදිහත්වී සාධාරණව චිත්‍රපට නිදහස්‌ කිරීමේ කටයුතු සිදුකළ යුතු බවත්‌ මෙහිදි අමාතාවරයා පෙන්වා දුන්නේය.

    2004/2005 කාලය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම්‌ යන සියලු වර්ග නියෝජනය කරමින්‌ සාමාජිකයන්‌ පත්කිරීමට කටයුතු කළ බවත්‌, දෙමළ සිනමාව කාර්මාන්තයක්‌ ලෙස මෙරට තුළ ඇති කිරීමට මෙතෙක් හැකිවී නොමැති බවත්,දෙමළ සිනමාව ඉදිරියේදී මෙරට තුළ කර්මාන්තයක්‌ ලෙස වර්ධනය විය යුතු බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා පදනම්‌ ආයතනය සම්බන්ධයෙන්‌ අදහස්‌ දක්වමින්‌ අමාත්‍යවරයා පැවසුවේ ඉකුත්‌ කාලය තුළ පදනම්‌ ආයනනයේ තිබූ දුර්වලතා වළක්වා ගනිමින්‌ වත්මන්‌ නිලධාරීන්‌ පදනම්‌ ආයතනය පාලනය කළ යුතු බවත්‌, සෘජු තීන්දු තීරණ ගතයුතු බවත්ය.

    එහිදී ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස රාජ්‍ය භාෂා කොමසාරිස්‌ ජනරාල්‌ ඩබ්‌. ප්‍රින්ස්‌ සේනාධිර මහතා පත්වු අතර සෙසු සාමාජිකයන්‌ ලෙස ආචාර්ය සුනිල්‌ විජේසිරිවර්ධන, එම්‌. ඩී. මහින්දපාල, ඩබ්‌. ජී. ටිතිර වික්මල්‌, නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම්‌. එස්‌. කේ. ජේ. බණ්ඩාර, බී. එන්‌. දම්මින්ද කුමාර, වයි. අයි. ඩී.ගුණවර්ධන යන මහත්ම මහත්මින් පත් කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා පදනම්‌ ආයතනය වෙනුවෙන්‌ සභාපතිවරයා ලෙස එස්‌.එම්‌. සමන්‌ සමරකෝන්‌ මහතා කේරී පත්වූ අතර මහාචාර්ය කේ. එස්‌. වන්නිආරච්චි, ආචාර්ය ඒ. එම්‌. එස්‌. අතපත්තු, ඉංජිනේරු ඩී. එස්‌. කේ. එස්‌. ජයලත්‌, එම්‌.කේ. ප්‍රසංග චතුරංග, පී.ඩබ්‌. ඩී. නිසරංගනි පෙරේරා, ජී. එච්‌. වයි. මංජුල සිරිසෙංම, ජෙයචන්ද්‍රමූර්ති රජීවන්‌, ආචාර්ය එම්‌.කේ. ද පැස්කුවෙල්‌, අයි. ජී. සුලක්ඛනා කුමාරි යන මහත්ම මහත්මීන් සාමාජිකත්වයට පත්වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya