ඔක්තෝබර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

    ඔක්තෝබර් 04, 2024

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (04) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ.

    මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතයි.

    එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස  විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

    ජයශංකර් අමාත්‍යවරයා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සංචාරයට එක් වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya