ඔක්තෝබර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

    ඔක්තෝබර් 04, 2024

    එක්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (04) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.

    මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සහ ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි.
    එහිදී දෙරට අතර ආර්ථික සහ සංවර්ධන සහයෝගීතාව, සමාජ ආරක්ෂණය, සංස්කෘතිය, කලාපීය සහ බහුපාර්ශ්වික වේදිකාවල සහයෝගීතාවය ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු විය.
    මෙහිදී අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින විශිෂ්ට ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා ඉන්දියාව දක්වන සහයෝගය ඇගයීමට ලක් කළේය.
    විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් සිය ශ්‍රී ලංකා සගයාට සිය ධූරයේ වැඩ භාර ගැනීම පිළිබඳව සුබ පැතුම් එක් කළ අතර, සමීප අසල්වැසියාගේ ආර්ථික ප්‍රකෘතිය සහ ස්ථාවරත්වය සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ප්‍රකාශ කළේය.
    ඉන්දියාවේ ‘අසල්වැසියන්ට පළමුව’ ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව බව සඳහන් කළ අමාත්‍ය ජයිශංකර් විදේශ අමාත්‍ය හේරත් සහ නව රජය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya