ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අභිනව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත ශ්රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා සිය හෘදයාංගම සුබ පැතුම් පළ කරයි.
ජපානය සහ ශ්රී ලංකාව අතර මිත්රශීලී සබඳතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා අතිගරු අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට තානාපති මිසුකොෂි මහතා අපේක්ෂා කරයි.
"සිය නායකයා තෝරා පත් කර ගැනීම සඳහා ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ක්රියාවලියට දැක්වූ ක්රියාකාරී සහභාගීත්වය පිළිබඳව ශ්රී ලංකාවේ ජනතාවට අපි සුබ පැතීමට කැමැත්තෙමු. ආර්ථික හා සමාජීය ඉලක්ක මෙන්ම, අපගේ ශක්තිමත් සබඳතාවයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අතිගරු අනුර කුමාර දිසානායක මහතා ගේ නායකත්වයෙන් යුත් නව පරිපාලනය සහ ශ්රී ලංකාවාසී ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ජපානය සූදානමින් සිටී.
ශ්රී ලංකාවේ හෝ ජපානයේ හෝ නායකත්වයන් ගේ වෙනස්වීම් සිදු වුවද, එ්වායින් ස්වායක්තව අපගේ මිත්රත්වය තවත් ශක්තිමත් වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙවර ශ්රී ලංකාවේ මැතිවරණය විසින් අපගේ සබඳතාවයේ නව පිටුවක් පෙරළන අතර, එසේ පෙරළෙන නව පිටු අතීතයේ දී පැවතියාක් මෙන් මිත්රත්වයේ හා සහයෝගීතාවයේ කථාන්දර වලින් පිරී යනු ඇති බව අපගේ විශ්වාසයයි. "