මාධ්‍ය උපමාන අනුව කටයුතු කරමින් නිවැරදි ප්‍රතිඵල ජනතාවට ලබා දීමට සහාය වූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට සහ මාධ්‍ය ආයතන වලටද කොමිෂන් සභාවේ සභාපතිවරයා සිය ස්තුතිය පුද කළේය.
විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඡන්දය පැවැත්වීම සඳහා සහාය වූ ග්‍රාමනිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින්ටද , ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බවත් වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ අතර එය සතුටුදායක බවත් කොමිෂන්සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.
මැතිවරණයේදි පොලිස් නිලධාරින් ලබා දුන් සහායද ප්‍රශංසනීය බවත් සියලුම ආරක්ෂක අංශවලට සිය ස්තුතිය පුද කරන බවද සභාපතිවරයා පැවසීය.එමෙන්ම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සහ තැපැල් දෙපාර්තමේන්තුවටද සිය ස්තුතිය පුද කළ
ජනතාවට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සහාය වූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ද ස්තුතිය කළේය.මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ටද සිය ස්තුතිය පුද කළ අතර පෝස්ටර් සහ කටවුට් වලින් තොරව පරිසර හිතකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකි වූ බවද පැවසිය.