සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පොලීසියෙන් ඉල්ලීමක්

    සැප්තැම්බර් 17, 2024

    ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ පැරණි සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය කිරීම සහ එවැනි වීඩියෝ පට පළ කරන්නන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම් වලට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල විටින් විට සංසරණය වන අවස්ථා දැකිය හැකිය. උදාහරණ ලෙස කටුනායක ගුවන්තොටුපොල දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයින් විසින් පරීක්ෂා කිරීම, ඇඳිරි නීතිය පනවන ලද අවස්ථා වලදී ලබාගන්නා ලද වීඩියෝ දර්ශන පෙන්වාදිය හැකිය.
    මෙවැනි වීඩියෝ දර්ශන මෙලෙස නැවත සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමෙන් වැරදි මතයක් සමාජගත වන අතර පෙර සිදුවීම් වලට අදාළ වීඩියෝ පට කාලීන සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම මහජනයා නොමග යැවීමකි.
    එය රට තුළ නීතිය හා මහජන සාමය ආරක්ෂා කිරීමටද සෘජු ලෙස බාධා විය හැකි අතර කරුණු නොදන්නා හෝ තහවුරු නොවූ මෙවැනි සංවේදී වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා තුළ පළ කිරීම හා බෙදාහැරීමෙන් වළකින ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya