සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමය අගමැති හමුවෙයි

    සැප්තැම්බර් 17, 2024

    මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සහ ප්‍රමුඛ පෙළේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් පසුගියදා (15) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
    මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ජෝසප් ඇන්ටෝ අතිරම්පුසා, අධ්‍යක්ෂවරුන් වන නාරායනන් මහේෂ් සහ සී. වී. සාරති මේ වසරේ නොවැම්බර් මාසයේදී සුපිරි මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කිරීමට සැලසුම් කර ඇත.

    මලයාලම් සිනමාවේ සුපිරි තරු දෙපළක් වන මමූති (Mammootty) සහ මෝහන්ලාල් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන අතර ස්ථානීය රූගත කිරීම් දින 30ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇති බව ඔවුහු පැවසූහ.
    ඉතිරි රූගත කිරීම් කේරළ, දිල්ලි සහ ලන්ඩන් යන නගරවල සිදු කිරීමට නියමිතය.
    "වසර 20 කට පසු මමූටි සහ මෝහන්ලාල් චිත්‍රපටයක එකට රඟපාන පළමු අවස්ථාව මෙය වන අතර එය නිසැකවම වාර්තාගත චිත්‍රපටයක් වනු ඇතැයි අධ්‍යක්ෂ මහේෂ් පැවසීය.
    ශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීමේ ස්ථානයක් ලෙස තෝරාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා එය රටට විදේශ විනිමය ගෙන ඒමට පමණක් නොව ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූගත කිරීමට සුදුසු ස්ථාන සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ද උපකාරී වන බව පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, උපදේශක සුගීස්වර සේනාධිර, ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ කාර්තික් නඩරාජා සහ තිළිණ සුබසිංහද මෙම සාකච්ඡාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya