සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ඔසුසල ජාලයේ “60 වන රාජ්‍ය ඔසුසල” ලෙස නුවරඑළිය ඔසුසල ශාඛාව විවෘත කෙරේ.

    සැප්තැම්බර් 17, 2024

    ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) නුවරඑළිය ශාඛාව පසුගියදා (15) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි දිවංගත මහාචාර්ය සේනක බිබිලේ මහතා හැඩුන වැඩුන ගම් පියස වන බිබිල නගරයේ 59 වන රාජ්‍ය ඔසුසල ශාඛාව මීට ඉහත දී විවෘත කිරීමට පියවර ගනු ලැබූ අතර, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 60 වන ඔසුසල ශාඛාව මෙය වේ. නුවරඑළීය රෝහල ආසන්නයේ මෙම ඔසුසල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබුනි.
    මෙම රාජ්‍ය ඔසුසල ශාඛාව මගින් ද පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩු මිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.
    ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටි‍යේ ....
    මෙරට ප්‍රථම ඖෂධවේදය පිළිබද මහාචාර්ය තුමා වන මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා ඉපදුනු ‍මේ ප්‍රදේශය, හැදී වැඩුණු ප්‍රදේශය වන බිබිල ප්‍රදේශයේ 59 වන ඔසුසල පසුගිය සතියේ විවෘත කිරීමට පියවර ගත් බවයි. එතුමා ආරම්භ කළ වැඩපිළීවෙල ජාත්‍යන්තර මට්ටමට ගිය වැඩපිළිවෙළක් වු බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඔසුසල 14 ක් ඇති කීරීමට මීට ඉහත දී තීරණය කෙරුණ බවත්, ඉන් ඉහළින්ම තිබුන ඔසුසල මෙය වන බවද පැවසීය. ලබන සතියේ ඇල්පිටිය සහ පොතුවිල් වල ඔසුසල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.මෙය ජාතික මෙහෙවරක් බවත්, ජනතාව හා රටවෙනුවෙන් කරන වැඩකොටසක් බව ද පෙන්වා දෙන ලදි.”

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් මෙන්ඩිස්, කළමණාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුබසිංහආරච්චි, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න, යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථා‌ව් නිලධාරීන්,ව්‍යාපාරිකයින්, නුවරඒළිය රෝහලේ වෛද්‍යවරුන්, ‍හෙද හෙදියන් ඇතුලු ප්‍රදේශවාසි ජනතාව ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya