සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කේරළ ගංජා තොගයක් සමඟ සැකකාරියක් පලෙයි ප්‍රදේශයේ දී නීතියේ රැහැනට

    සැප්තැම්බර් 16, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඊයේ (15) වන දින චාවකච්චේරි පලෙයි ප්‍රදේශයෙහි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී, කේරළ ගංජා කිලෝ අනූ හතරයි (94) ග්‍රෑම් පන්සිය විස්සක (520) තොගයක් සමඟ සැකකාරියක් (01) සහ කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.      

    ඒ අනුව, උතුරු නාවික විධානයේ නාවික ස්ථානගත කිරීම වෙත්තලකේණි ආයතනය; නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඊයේ චාවකච්චාරි පලෙයි ප්‍රදේශයෙහි සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්‍ෂවට ලක් කෙරිණි. එහිදී එම නිවසේ සඟවා තිබූ උර හතරක් (04) තුල පාර්සල් පනස් දෙකක (52) අසුරන ලද කේරළ ගංජා කිලෝ අනු හතරයි (94) ග්‍රෑම් පන්සිය විස්සක (520) පමණ තොගයක් සහ එම තොගය ප්‍රවාහනය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන කැබ් රථයක් (01) සමඟ සැකකාරියක් (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

    මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන තිස් හතකට (37) අධික වෙතැයි විශ්වාස කෙරේ.           

    තවද, නාවික හමුදා භාරයට ගත් සැකකාරිය වයස අවුරුදු 35 ක් වන පලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනාගත් අතර, එම සැකකාරිය (01) කේරළ ගංජා තොගය සහ කැබ් රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya