සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

    සැප්තැම්බර් 15, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, ඊයේ දින (2024 සැප්තැම්බර් 14) උතුරු මැද නාවික විධාන මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

    ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික හමුදා සමාජ සත්කාරක වැඩසටහන යටතේ, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ අධීක්‍ෂණයෙන් සිදු කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, මන්නාරම රුධිර බැංකුව මඟින් කරන ලද ඉල්ලීමකට අනුව සංවිධානය කෙරිණි.

    තවද, විධාන රෝහල් කාර්යය මණ්ඩලය සහ මන්නාරම රුධිර බැංකු කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් පැවැත්වුණු මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කරගැනීම සඳහා උතුරු මැද නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ලේ දන්දීම සඳහා දායක වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya