නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා FDG නිෂ්පාදනයට අයෝජන සැපයීමේ ගිවිසුමක්

    සැප්තැම්බර් 15, 2024

    මෙරට පිලිකා රෝගීන්ගේ රෝග විනිශ්චය සහ රෝග නිරීක්ෂණය සිදුකරනු ලබන පෙට් ස්කෑනර් යන්ත්‍ර සදහා අවශ්‍ය FDG නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය ආයෝජනය සහ පහසුකම් සැපයීම වෙනුවෙන් දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පසුව, ශ්‍රි ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ඇක්සක් ජාත්‍යන්තර සමාගම සමග ගිවිසුමකට ඊයේ එලඹ තිබේ.

    මේ හරහා මෙරට රජයේ රෝහල්වල සතියකට වරක් භාවිතා කරන පෙට් ස්කෑනර් වල භාවිතය වැඩිවනු ඇත. දැනට ඇති පෙට් ස්කෑනර් යන්ත්‍ර සදහා අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය වන FDG ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන්නේ සතියකට වරක් වන අතර එම ආනයනික FDG වලින්ද 97% ක් ආනයන ක්‍රියාවලියේ දී අපතේ යෑම සිදු වෙයි.

    මෙම හේතුව නිසා රෝගීන්ට වැයවන මුදල ඉහල යාම හේතුවෙන් රජයේ රෝහල් වල පෙට් ස්කෑනර් ක්‍රියාවලිය සීමා වී තිබිණ. පෞද්ගලික රෝහලක මෙම පෙට් ස්කෑනර් පහසුකම වෙනුවෙන් රු.285000 ක් පමණ වැයවන නමුත් ඉන්දියාවේ මෙය රු.40000 පමණ අඩු මුදලක් වැය වේ.

    ඊයේ අත්සන් තැබූ ගිවිසුම් හරහා පෙට් ස්කෑන් පරීක්ෂණයක් වෙනුවෙන් වැයවන මුදල රජයේ සහ පෞද්ගලික රෝහල්වල අඩුවීම සහ ස්කෑන් පරීක්ෂණය ප්‍රමාණය වැඩිකිරීමට හැකියාව ලැබෙනු ඇත.

     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya