ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිතාන්‍යයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරා දැමූ හෙන්රි පේද්‍රිස්ට වසර 109කට පසු ජනපති සමාව

    සැප්තැම්බර් 14, 2024

    මීට වසර 109කට පෙර මෙරට සිටී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති සමාව ලබා දී  ඇතැයි

    ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද(14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ)ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ජනාධිපති සමාව ප්‍රකාශයට පත් කළ අතර එම අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය 12දා නිකුත් කෙරිණි.

    එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ රොබට් චාමස් විසින් 1915 ජුනි 25 දින නිකුත් කරන ලද ප්‍රකාශයක් මඟින් පත් කරනු ලැබූ යුධ අධිකරණයකින් සිදුකළ අසාධාරණ නඩු විභාගයකින් පසු 1915 ජූලි 07 වන කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාව නීති විරෝධී ලෙස මරණයට පත් කළේය.
    කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති සමාව පිරිනමන බව මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

    1888 අගෝස්තු 16 දින ගාල්ලේදී උපත ලැබූ හෙන්රි පේද්‍රිස් මහතා බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ විසූ ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම ලංකා ආරක්ෂක හමුදාවේ සහ කොළඹ නගරාරක්ෂක බළකායේ සේවය කළ කපිතාන් නිලයක් හෙබවූ හමුදා නිලධාරියකුද විය.

    බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් 1915 ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවීම වෙනුවෙන් චෝදනා එල්ල කර ඔහු ඝාතනය කර තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya