ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දරුවන්ට බාධා වන අයුරින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරන්න එපා- විභාග කොමසාරිස්ගෙන් ඉල්ලීමක්

    සැප්තැම්බර් 13, 2024

    ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දරුවන්ට බාධාවන අයුරින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු නොකරන්නැයි  විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි. අද(13) විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා මේ බව පැවසීය.

    මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ මැතිවරණ උණුසුම පවතින කාලසීමාවක බවත් විභාගය පැවැත්වෙන ඉරිදා උදෑසන 09.30 සිට 12.15 දක්වා කාල සීමාව තුළ දරුවන්ට බාධාවන ලෙස ශබ්ධ විකාශන යන්ත්‍ර යොදාගනිමින් කටයුතු නොකරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.

    දරුවන්  මුහුණ දෙන පළමු විභාගය මෙය බැවින්, සමාජ යුතුකමක් සේ සලකා ඒ සඳහා සහාය වන්නැයිද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya