නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය පැවැත්වෙන දින හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීමට සුදානම්

    සැප්තැම්බර් 13, 2024

    ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වැනිදා හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එම බාධාවන් උපරිම මට්ටමින් අවම කර ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරිමට අවශ්‍ය පහසුකම් සැලසීමට සියලු පියවර ගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම්,තේරීම්භාර නිලධාරී වසන්ත ගුණරත්න මහතා පැවසීය.

    ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(12) දින පැවති රත්නපුර දිස්ත්‍රික් විශේෂ ආපදා කළමනාකරණ කමිටුවේදීය.

    මෙම අවස්ථාවට සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න, රත්නපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න, රත්නපුර නියෝජ්‍ය ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ මුදිත මංජුල යන මහත්ම මහත්මීන්ද, දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

    රත්නපුර දිස්ත්‍රික්කය ගං වතුර හා නායයාම් වැනි ස්වාභාවික ආපදා සිදුවීම් බහුල දිස්ත්‍රික්කයකි.

    දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 න් වැඩි කොට්ඨාස ප්‍රමාණයක් නායයෑමේ අවදානමටද ලක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya