මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මිහිකත දිනය අද යි

    අප්‍රේල් 22, 2024

    අද (22) ලෝක මිහිකත දිනය යි. ලොව පුරා පාරිසරික ආරක්ෂාව සඳහා සහාය ගොඩනැගීම සඳහා වර්ෂ 1970 දී සැමරීමට පටන් ගත් ලෝක මිහිතල දිනය, සෑම වසරකම අපේ‍්‍රල් මස 22 වන දින සමරනු ලැබේ.

     

    මෙවර එහි තේමාව “මිහිතලය සහ ප්ලාස්ටික්" යන්න යි. 2040 වන විට ප්ලාස්ටික් භාවිතය සියයට 60 කින් අඩුකිරීම අරමුණු කරමින් මෙවර මිහිතල දිනය සැමරෙන අතර ඇමෙරිකාව ඇතුළු ලෝ පුරා රටවල් 196 කට වැඩි ප්‍රමාණයකදී මිහිතල දිනය සැමරේ

    පරිසරය හා සොබා සෞන්දර්ය, අසිරිමත් භාවය මිහිකත ජීවයේ අවශ්‍යතාවය පෙන්වා දීමට මිහිකත දිනය ආරම්භ වූ අතරම අද ඒ තුළින් මිහිතලය සුරැකීම හා තිරසාර පැවැත්මේ අත්‍යාවශ්‍යතාවය පෙන්වා දෙනු ලබයි.

    ලෝකයේ රටවල් බොහෝ සංඛ්‍යාවක් සමරන මිහිකත දිනය සඳහා නව ගස් රෝපණය කිරීම ප්‍රමුඛතාවක් ගනියි. පරිසර දූෂණයේ අහිතකර බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් මතු පරපුර උදෙසා පෘතුවිතලය රැකගැනීමට දායකවන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ව සමස්ත ලෝක ජනතාව දැනුවත් කිරීමත් මෙමගින් අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya