අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය සේවය පිළිබඳව කුමන්ත්‍රණකාරී ලෙස මඩ ප්‍රචාර ගෙනයෑම ගැන සොයා බලන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

    පෙබරවාරි 13, 2024

    දුම්රිය සේවය පිළිබඳව කුමන්ත්‍රණකාරී ලෙස අසත්‍ය,විකෘති සහ වෛයිර චේතනා ඇති කරමින් මඩ ප්‍රචාර ගෙනයෑම ගැන සොයා බලන්නැයි තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකළ බව  කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ඉදිරියේදී සිදු කිරීමට යන දුම්රිය වර්ජනයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවන දූෂණ අක්‍රමිකතා පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුවෙමින් පවතින බවත්, එය කඩාකප්පල්කාරී ලෙස වැලක්වීමට විවිධ උත්සාහයන් විවිධ පාර්ශ්ව විසින් ගන්නා බවත්, රාජ්‍ය සේවා කොමිසමේ තීන්දු තීරණ ලැබෙන තෙක් නොසිට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සාධාරණ නොවන බවත්  පෙන්වා දුන් අමාත්‍යවරයා එය මෙහෙයවන දේශපාලනික කුමන්ත්‍රණ පිළිබඳව අදාළ අංශ මඟින් වගකීමෙන් යුතුව පරීක්ෂණයක් කළ යුතු නිසා තමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිිල්ල සිදු කළ බව සඳහන් කළේය

    දුම්රිය වර්ජන සිදු කිරීම නිසා දුම්රියෙන් රාජකාරි කටයුතු සඳහා ගමන් ගන්නා මඟීන්, පාසල් දරුවන්, සීසන් ටිකට් පත් ලබාගත් මගීන් මෙන්ම අනිකුත් මඟීන් හට විශාල පීඩාවකට පත්වීමට සිදු වෙන බවත්, මෙය නිරන්තරයෙන් සිදු වන විට තමන් ද අකමැත්තෙන් වුවත් තීරණයකට යාමට සිදුවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

     

    රාජ්‍ය කළමනාකරණයේ දී රාජ්‍ය සේවා කොමිසමට එරෙහිව ඇමතිවරයෙකුට හෝ කැබිනට් මණ්ඩලයට බලය පාවිච්චි කළ නොහැකියි  බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    ඒ අනුව, රාජ්‍ය සේවයේ කරුණු වල දී යම්කිසි ඉල්ලීමක් ඉදිරිපත් කර බලහත්කාරයෙන් ඉටු කර ගැනීමට නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා එම කරුණු සඳහා රාජ්‍ය සේවා කොමිසමක් තිබෙන බවත්, එමඟින් ගන්නා තීරණ අනිකුත් සියලුම රාජ්‍ය සේවා ආයතන වලට ද බලපාන බවත්, වැඩවර්ජනය කළ නිසා හෝ වැඩ නතර කළ නිසා හෝ රාජ්‍ය සේවා කොමිසම තීන්දු තීරණ ගනු නොලබන බවත් හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya