නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධික උෂ්ණත්වය නිසා දරුවන් අතර විජලන තත්ත්වයන් සහ සමේ රෝග ඉහළට

    පෙබරවාරි 13, 2024

    මෙම දින වල පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන් අතර විජලන තත්ත්වයන් සහ සමේ රෝග ඉහළ ගොස් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    රජයේ නිල පුවත් වෙබ් අඩවියට අද (13) අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව පැවසුවේය.

    අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණ ලෙස හිසරදය, කලන්තය, ඇඟපත රිදීම, ආහාර අරුචිය, නින්ද නොයාම ආදිය දක්නට ලැබෙන බවද, දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මෙම දිනවල වැඩි වශයෙන් ජලය පානය නොකර වැඩ කළොත් මෙම විජලන තත්ත්වයන් වලට පත්විය හැකි බවද පැවසුවේය.

    දුවන තරඟ, ක්‍රීඩා තරඟ ආදියට ජලය වැඩි වශයෙන් පානය නොකර සහභාගී වුවහොත් තාප කම්පන තත්ත්වයන් ඇතිවිය හැකි බවද අවධාරණය කළේය.

    මෙම දිනවල දහඩිය බිබිළි දද වැනි සටම් රෝග තත්ත්වයන් වැඩිවිය හැකි බවද  එමනිසා මේ දිනවල ජලය සහ ස්වභාවික දියර ආහාර වැඩි වශයෙන් පානය කිරීම සුදුසු බවද පැවසුවේය.

    ජලය වැඩිපුර පානය නොකිරීමෙන් මෙම දිනවල මුත්‍රා වල පැහැය වෙනස්විය හැකි බවද, මුත්‍රා වල පැහැය තද පැහැති වුවහොත් වැඩි වශයෙන් ජලය පානය කිරීම සුදුසු බවද, සමේ රෝග අඩුකර ගැනීමට වැඩිපුර දරුවන් ජලයේ තැබීම සුදුසු බවද, එනම් උදේ සහ සවස විනාඩි 20ක් පමණ දරුවන්ට ජලයේ සෙල්ලම් කිරීමට ඉඩ දෙන ලෙසද අවධාරණය කළේය.

    දූවිලි තත්ත්වය වැඩි වීම නිසා සහ පසුගිය කාලයේ  රටවල් වල වාර්තා වුණු පරිසර දූෂණ තත්ත්වය හේතුවෙන් දූෂිත වාතය මෙරටට සුළං සමග පැමිණි බව කියාසිටි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දරුවන්ට ළමා හතිය වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති බව පැවසුවේය.

    ළමා හතිය පවතින දරුවන්ට නිසි ආකාරව ප්‍රතිකාර ලබාදෙන ලෙස කියාසිටි විශේෂඥ වෛද්‍යවරයා ළමුන්ට වැඩි වශයෙන් ස්වභාවික දියර ආහාර ලබාදෙන ලෙසද පැවසුවේය.

    මෙම උෂ්ණාධික තත්ත්වය තව මාස 02ක් පමණ ඉදිරියට පැවතිය හැකි බවද එබැවින් සෑම නිවසකම එක පුද්ගලයෙකු එක ගසක් හෝ සිටුවන ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya