නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ බියගම ප්‍රදේශයේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

    පෙබරවාරි 13, 2024

    රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ  ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික සහ  ළමා රෝහලක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ

    ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු වන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව එම දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබයි. ඒ් හේතුවෙන් සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යමින් පවතින අතර ඒකී ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

    ඒ සඳහා බියගම උතුර ග්‍රමා නිලධාරී වසමේ පිහිටි අක්කර 7යි රූඩ් 3ක් වන ඉඩම් කොටස් දෙකක් අත්කර ගෙන මූලික යටිතල පහසුකම් සැලීමෙන් අනතුරුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒ්කාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීතිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya