2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ රතුලූනු වගාව නැවතත් ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.
වන අලීන්ගෙන් සිදුවන වගා හානි, නියඟය සහ අධික වැස්ස හේතුවෙන් ඇතිවන වගා හානි සඳහා මෙම රක්ෂණාවරණය ලබා දීමට කටයුතු කෙරේ.
එසේම වී, මිරිස්, ලොකුලූනු, අර්තාපල්, බඩඉරිඟු හා සෝයා යන බෝග වර්ග 06 සඳහා නොමිලයේ කෘෂි රක්ෂණ ආවරණයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේවන විටත් ලබා දෙන අතර එම බෝග අතරට රතුලූනු වගාව ද එකතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට වැඩි දුරටත් උපදෙස් ලබා දී ඇත.