ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් සහ වෙළෙද අමාත්‍යවරයා අතර හමුවක්

    පෙබරවාරි 12, 2024

    ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය අද (12) වනදා වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සමග වෙළෙඳ අමාත්‍යාංශයේදී ද්වීපාර්ශවීය සාකච්ඡාවක නිරත විය.

    මෙහිදී ඇමරිකානු තානාපතිවරිය සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රගතිය කරා යන වෙළෙඳපොළ ආර්ථිකයක් කරා ප්‍රවිශ්ඨ වී ඇති බවත්, ඉහළ ගොස් පවතින භාණ්ඩ මිල ගණන් අවම කිරීම සදහාත්, උද්ධමනය වඩා අවම අගයක් කිරීම උදෙසාත් ශ්‍රී ලංකාව සිය වෙළෙඳපොළ විස්තීරණය කල යුතු බවයි.

    වෙළෙඳ අමාත්‍යවරයා මෙහි දී සදහන් කර සිටියේ මේ වන විට වෙළෙද අමාත්‍යාංශය නිෂ්පාදන පිරිවැය අවම කිරීම, පසු අස්වනු හානිය වැළැක්වීම, නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් රටේ ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.  ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් උදෙසා අවශ්‍ය නව තාක්ෂණික දැනුම හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීම උදෙසා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිනිය සදහන් කලේ අන්තර්ජාතික සංවර්ධනය සදහා වන ඇමරිකා එක්සත් ජනපද සංවිධානය (USAID), මෙලින්ඩා ගේට්ස් පදනම වැනි ඇමරිකානු සංවිධාන හරහා  ගොවි ජනතාව නඟාසිටුවීම සදහා ඇමරිකානු ආධාර ලබාදීමත්, කාළගුණ විපර්යාස පිටුදැකීම, කෘෂිකාර්මික නිෂ්පාදන ඵලදායීතාවය ඉහළ නැංවීම හා ඩිජිටල් ආර්ථිකයක් සදහා ශ්‍රී ලංකාව වෙත සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවයි.

    මෙම අවස්ථාව සදහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya