ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය අතර හමුවක්

    පෙබරවාරි 10, 2024

    ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) මහත්මිය අතර හමුවක් ඊයේ (09) පෙරවරුවේ සිදු විය.

    ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ගෞරවයෙන් පිළිගත් ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන සුවිශේෂී සහාය ද ඇගයීමට ලක් කළාය.

    ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයේ කැපවීම සහ කලාපයේ සෙසු රටවල් සමඟ පවත්නා සහයෝගීතාව පිළිබඳව ද අමාත්‍යවරිය මෙහිදී කරුණු පැහැදිලි කළාය.

    ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) ක්‍රියාකාරිත්ව සහ වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය දෙසට බල කඳවුරු මාරුවීමත් සමඟ කලාපය තුළ ඕස්ට්‍රේලියාව සමඟ පවතින සම්බන්ධතා වර්ධනය වීම වැදගත් පියවරක් බවයි.

    පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියානු සමාගම් කිහිපයක් දැනටමත් එම ක්ෂේත්‍රයේ ආයෝජන සිදු කර ඇති බවද පැවසීය.

    “කොළඹ ක්‍රමය” දක්වා දිවෙන ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඓතිහාසික සබඳතා පිළිබඳව ද මෙහිදී සිහිපත් කෙරුණු අතර ආර්ථික, වෙළෙඳ, ආයෝජන ඇතුළු නව ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය සාකච්ඡා කරන ලදී.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීශ්වර, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, ජනාධිපති ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ රිෂාන් ද සිල්වා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya