ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගම කාර්මික අංශය මගින් පිළිසකර කළ බස් රථ 200ක් යළි ධාවනයට එක් කෙරේ

    පෙබරවාරි 09, 2024

    ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 200ක්‌ ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(09) සිදු කෙරිණි.

     පසුගිය වසරේ ජනවාරි මාසය වන විට ලංගම ඩිපෝවල බස් රථ 852ක් ධාවනයෙන් ඉවත් කර තිබූ අතර, දිවයින පුරා ලංගම ඩිපෝ 107ක, ප්‍රාදේශීය වැඩපොළවල් 11ක ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් විසින් මෙම බස්රථ පුනරුත්ථාපනය කිරීම ආරම්භ කරන ලදී.

    2023 වසර තුළ ආරම්භ කරන ලද මෙම බස් රථ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ධාවනයෙන් ඉවත් කර තිබූ  බස් රථ 193 ක් පුනරුත්ථාපනය  කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 193ක් වේ.

    එහි දෙවන අදියර යටතේ බස් රථ 201ක්‌ පුනරුත්ථාපනය කර ඇත. ඒ සඳහා සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 270ක්‌ වේ. නව බස්රථ 200ක්‌ මිලදී ගන්නේ නම් වර්තමාන මිල යටතේ රුපියල් මිලියන 4200ක්‌ පමණ වැය කිරීමට සිදුවේ. මෙලෙස පුනරුත්ථාපනය කරන ලද බස් රථ  දෛනිකව ධාවනයට යෙදවීමෙන් රුපියල් මිලියන 10ක පමණ දෛනික ආදායමක් ලබාගැනීමට ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියාව ලැබේ. ඉන් ලැබෙන ශුද්ධ ලාභය රුපියල් මිලියන 4කි. ඒ අනුව පුනරුත්ථාපනය කරන ලද මෙම බස් රථ දෙසිය ධාවනය කිරීමෙන් රුපියල් මිලියන 1200ක උපරිම ශුද්ධ ලාභයක් - රු. මිලියන 900ක අවම ශුද්ධ ලාභයක් වාර්ෂිකව ලබාගැනීමට හැකිවේ.

     ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බස් රථ නැවත ධාවනයට එක් කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි මහතා, චාමර සම්පත් දසනායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ මහතා, ගුණතිලක රාජපක්ෂ මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු නිලධාරීන් රැසක්  එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya