ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවේචනවලට ලක්වුවත් ඉදිරිකාලයේ දී රට නැවැත යථාවත් කරනවා - සෞඛ්‍ය ඇමති

    පෙබරවාරි 09, 2024

    විවේචනවලට ලක්වුවත් සාමූහිකව ඉදිරිකාලයේදී මේ රට නැවැත යථාවත් කරීමට හැකියාව ලැබෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද(09)පාර්ලිමේන්තුවේදී පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව  කල්තැබීමේ විවාදයේ දෙවෙනි දිනය වන අද දිනයේ විවාදයට එක්වෙමිණි.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    “අප කුඩා කාලයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ එක කෙළවරක ඉදලා තාත්තාගේ මෝටර් රථයේ ගෙදර එනකොට මෙම මෝටර් රථය පරික්ෂාවට හතර තැනක නවත්වනවා. ඒ කාලේ තිබුනා “හාල් පොල්ල” කියලා එකක්. දිස්ත්‍රික්කයේ තැනක සිට තව තැනකට හාල් ගෙනියන්න බැහැ. මොකද රටේ නිෂ්පාදනය මදි පළාතකින් පළාතකට හාල් රැගෙන යන්න. මේ නිසා බාධකයක් තිබුනා. 1952 දී අප ලගදි සැමරුවා 70 වැනි සංවත්සරය රබර් සහල් ගිවිසුමේ. රජය ගිවිසුමකට එළැඹ තිබුනා චීන රජයත් සමග රබර් දීලා සහල් ගන්න. 1952 දි මේ රටේ ජනගහනය මිලියන 6.4 යි. අද තුන්ගුණයකින් වැඩි වෙලා මිලියන 22 යි.  1952 මිලියන 6.4 කටත් අපේ රටේ කන්න තිබුනේ නැහැ. 1970 දශකයේ දී අපට හාල් පොල්ලක් තිබුනා. සමාජවාදී ප්‍රතිපත්ති රාමුවක් තිබුන ආණ්ඩුවක්. ඒවා ක්‍රමාණුකූලව වෙනස් වෙලා 2024 වන විට ජනගහනය මිලියන 21 කට කන්න පුළුවන් සහල් ප්‍රමාණයක් මෙරට නිෂ්පාදනය වෙනවා. මීට ප්‍රධාන කාරණ ා කිහිපයක් තිබෙනවා. මහවැලි සංවර්ධනය යටතේ ගාමිණි දිසානායක මැතිතුමා විශාල සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා විශාල බිම් කොටසක් මේ රටේ අස්වැද්දුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා පොහොර සහනාධාරය ලබාදුන්නා. එමගින් අතිවිශාල සහල් නිෂ්පාදනයක් සිදු වුනා.”

    “2022 වසරේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා අපේ ණය කළමණාකරණය කර ගන්න බැරිව ආණ්ඩුවෙන් බදු කපලා ආර්ථික අර්බදුයක් ඇතුවානාම මේ රටේ මිනිස්සු 75 වසරක සාපයක් ගැන කථා කළා. 1948 මේ රට නිදහස ලබන විට අපේ රටේ පාසල් 3000 යි තුබුනේ. දැන් පාසල් 10,300 තිබෙනවා. පාසල් 7000 පක්ෂ විපක්ෂ ආණ්ඩු මේ රටේ හදලා තිබෙනවා. අපේ රටේ 1948 විශ්ව විද්‍යාල 01 යි තිබුනේ. දැන් 18 ක් තිබෙනවා. අපි අවුරුදු 75 ට  විශ්ව විද්‍යාල 17 ක් හදලා තිබෙනවා. සහල් නිෂ්පාදනය වැඩි වෙලා, නිවාස පහසුව වැඩිවෙලා, සනීපාරක්ෂක පහසුකම් වැඩිවෙලා, දුරකථන භාවිතය වැඩිවෙලා, විදුලිබලය සියයට 99 ක් වූ නිවාස ප්‍රමාණයකට ලැබිලා, අතිවිශාල සංවර්ධනයක් වෙලා තිබෙනවා. මේ කළාපයේ සාපේක්ෂ වශයෙන් එවැනි සංවර්ධනයක් එවැනි ප්‍රතිනිර්මාණයක්, ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය දියුණුවක් ඇති වුන රටක් මේ කළාපයේ නැහැ. මෙය අනෙක් රටවලට කරන අගෞරවයක් නොවෙයි. එවා බහුතරයක් කළේ දේශීය හා විදේශීය ණය අරගෙන. ඒ ණය අපිත් ගත්ත යම් අමනෝඥ තීන්දුවක් නිසා මේ රට ණය අර්බුධයෙන් ගැටළුවකට ගියා.”

    “මෙම සියළු ගැටළුව ඇති වෙන්න 2022 වසර වන විට මේ රටේ විශාල අර්බුදයක් තිබුනා. ඒ් කොවිඩ් අර්බුදය. ඒ අර්බුදය‌ වෙලාවේ ක්‍රියාකරපු හැටි මතක් කරලා බලන්න. ටෙම් රටේ සමාජ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල පිළිබදව ඉතා ඉහළ මට්ටමේ නිදර්ශණය තමයි කොවිඩ් අර්බුදය හමුවේ මේ රට ක්‍රියා කළ ආකාරය. ලෝකයේ දියුණු රජයන්ට වඩා ජනගහනයට සාපේක්ෂව සිදු වූ මරණ ප්‍රමාණය, රෝගීන් ප්‍රමාණය,  ප්‍රමාණය ඉතාම අඩුයි. එන්නත්කරණය අතින් ලොව ප්‍රමුඛ රටක් බවට පත්වුණා. නිරෝධායන මධ්‍යස්ථාන රට වටේ හදලා විශාල සාමාජ හා සේඛ්‍ය ආරක්ෂණයක් සිදු කළා. රෝගී වුණ සෑම කෙනෙක්ගේම නිවසට රුපියල් 10,000 බඩු මල්ලක් නිවසටම ලබාදීමට කටයුතු කළා. තවත් මුදල් රුපියල් 5000 බැගින් බෙදුවා.”

    . විවේචනවලට ලක්වුවත් ඉදිරිකාලයේ දී අපට පුළුවන් වෙයි මේ රට නැවැත යථාවත් කරන්න

    “අපි බදු අඩු කරන්න එකඟ වුණේ ආර්ථික තර්කයක් ගෙනාවා වැට් බද්ධ වැඩියි බදු අඩු කළොත් ඒ මුදල රටේ සංවර්ධනය වෙනුවෙන් ප්‍රති ආයෝජනය කරයි කියලා යහපත් දැක්මක් ඇති කළා. ඒ අනුව තමයි බදු අඩු කළේ. අපිට වැරදුනා එය අපි පිළිගන්නවා. ඒ හරහා රාජ්‍ය ආදායම අඩු වුණා. වෙළෙදාම අඩු වුණා. ආර්ථික හැකිළුණා. රට වහන්න කියලා වෘත්තීය කණ්ඩායම් පීඩනයක් එල්ල කළා. රට වහන්න සිදු වුණා. ආර්ථිකය සංකෝචනය වුණා. සංචාරක ව්‍යාපාරය  බින්දුවට වැටුණා. මේ ආකාරයෙන් රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇති වුණා. අපි එය පිළිගන්නවා. නැවත මෙම ක්‍රමය යථාවත් කරන්න ක්‍රම දෙකක් තිබෙනවා. නිදහසින් පසු මේ රටේ විශිෂ්ඨ සමාජ සංවර්ධන ක්‍රියාවලික් ක්‍රියාත්මක වෙලා තිබෙනවා . එහෙම නෑ කියනවා නම් එය අපිටම කියා ගන්නා අපහාසයක්. කවුරු විපක්ෂයේ ආණ්ඩුවේ හිටියත් විශාල වැඩකොටසක් කරලා තිබෙනවා. දෙවැන්න සිදු වූ වැරැද්ද නිවැරදි කරගන්න අවශ්‍යයයි ඒ සදහා කැපූ බදු නැවැත පනවන්න සිදු වෙලා තිබෙනවා. ඒවා සැර වැඩියි. දරා ගන්න අමාරුයි. මහජන ඡන්දයෙන් බලයට පත් වූ කිසිම රජයක් කැමැති නැහැ ජනතාවට බදුබර පටවලා බඩු හිඟ වෙලා අපහසුතාවයට පත් වෙනවාට.”

    “තවත් මැතිවරණ කල් දමන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වෙනවා. අපට උරගා බලන්න පුළුවන්. හෘද සාක්ෂියක් තියෙන මේ රටේ මිනිස්සුන්ට මේ රටේ වත්මන් තත්ත්වය ගැන සැබෑ හැගීමක් තිබෙන මිනිසුන්ට ජනාධිපතිතුමා පණිවිඩයක් දී තිබෙනවා. ජුලි මාසයේ දී ජනාධිපතිතුමා කිවුවා 2023 අමාරු අවුරුද්දක්. මේ රටේ ආර්ථික වර්ධනයක් ඇති වෙන්නේ නැහැ. ඝෘණ ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පත්කරන්න බැහැ. සෘණ 07 ක ආර්ථිකය සෘණ 2 කට 1 කට එයි කියලා. කියපු විදිහටම පුරෝකථනය සත්‍ය වුණා. පුරෝකථනය කරන විදිහට 2024 වසරේ සියයට දෙක තුනක ආර්ථික වර්ධනයක් ඇති කරගන්න . යහපත් ආර්ථික කළමණාකරණයක් තුලින්, යහපත් වටපිටාවක් නිර්මාණය කිරිම තුලින් අඩුම තරමේ සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් 2025 වසරේ දී ලබාගන්න පුළුවන්. එම විශ්වාසය සමගයි අපි මේ රට ඉදිරියට ගෙනයාමට කටයුතු කරන්නේ. එහි ප්‍රතිඵලයක් හැටියට අපි නැවැත සංවර්ධන ආයෝජනයක් කරලා තිබෙනවා.”

    “ඉතිහාසය පුරා අපි සංවර්ධන ආයෝජන කළේ කොහොමද  හැමදාම ප්‍රාග්ධන ආයෝජන ඇවිත් තිබෙන්නේ ණය හැටියට. 2024 වසරේදී ප්‍රථම වතාවට අපි ණය ගන්නේ නැතිව අපේ ප්‍රාග්ධන ආයෝජනය අපේ රජය විසින් ඇතිකරගත් ආදායම් මගින් කරගෙන යනවා. වෙනස එයයි‍. ඉතිහාසයේ ණය ගත්තා ඉතිහාසයේ අප කරගෙන යන්නේ රජයේ ආදායමෙන්. සංවර්ධන වැඩකටයුතු ආරම්භ කරන්න කටයුතු කර තිබෙනවා. ඒවා රාජ්‍ය ආයෝජන ලෙස භූමියට යනකොට, ගමේ පාසල හැදෙනකොට, පන්සල දියුණු වෙනකොට, පාරවල් හැදෙනකොට, ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනකොට, නැවැත ගමේ ආර්ථික ප්‍රබෝධයක් ඇති වෙයි. පසුගිය කාලයේ ජනතාවට ඇති වූ පාඩුව, වේදනාව ගියේ අපේ පිටින්. දේශපාලනවශයෙන් අපට විශාල වන්දියක් ගෙවන්න සිද්ධ වුණා. නිවැරදි දිශානයතියකට ගෙනයාමේ දි අමාරු තින්දු තීරණ ගන්න වෙනවා . අපේ රජයන් ප්‍රතිපත්තිමය විදිහට හිටියේ  කොතන ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ රජය, අපි හිටියේ රාජ්‍ය සම්පත් ආරක්ෂා කළ යුතුයි කියලා අපි ඒ්ක කළා. වතු ජනසතු කළා. පාඩු ලබන සංස්ථා සමාගම් ‍ ආරක්ෂා කළා. විදුලිය ලබාදීමේ දී පාඩු වුණා. තෙල් ලබාදීමේ දී පාඩු වුණා. ඛනිජතෙල් සංස්ථාව පාඩු ලැබුවත් ආරක්ෂා කරගන්න කටයුතු කළා. රාජ්‍ය ආයතන සියල්ල අපි ආරක්ෂා කළා. ඒවා පාඩු ලබන ආයතන විදිහට පත්වාගෙන යන්න බැහැ කියලා පාඩමක් සමග කියලා දී තිබෙනවා. ඒ නිසා ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න සිදු වෙනවා. එයයි යථාර්තය. සංවර්ධන කටයුතු ණය අරගෙන කරගෙන ගියා. අපට තවත් ණය ගන්න බැහැ. අපි හැමදාම වෙළෙද ගිවිසුම් වලට විරුද්දව කථා කළේ. අපි ඉන්නේ පොඩි වෙළෙද පොලක. එය ජාත්‍යන්තරයට විවෘත කළ යුතුයි. අපේ නිෂ්පාදන වියදම වැඩි නිසා වෙළෙදපොලේ තරග කිරීමේ අපහසුවක් තිබෙනවා. ඒ සදහා වැඩපිළිවෙලක් අවශයයි.”

    “ඉතිහාසය පුරාම රජ්‍ය සේවය පුළුල් කළා. 2021 දි රාජ්‍ය සේවයට ලක්ෂයක් ගත්තා. රනිල් වික්‍රමසිංහ මහතා 2002 දී  බලයට ඇවිල්ලා කිව්වා රජයේ සේවයට බදවා ගන්න එපා කියලා. ජනතාව එතුමා පරාජයට පත් කළා. අපේ රජයක් ගෙනාවා. අපි රාජ්‍ය සේවය පුළුල් කළා. එහි ගෞරවය අපට ලැබුනේ නැහැ. අද එය ප්‍රයෝජනවත් ද යන්න ප්‍රශ්ණාර්ථයක්, රජ්‍ය සේවය පුළුල් කිරිම, රාජ්‍ය සේවයට බදවා ගැනිම ගැන අද දොස් අහන්න වෙලා තිබෙනවා. එය බරක් හැටියට දරන්න වෙලා තිබෙනවා රජයට. ප්‍රතිපත්තිමය වශයෙන් හරි තැන මොකක්ද. එය සංවේදි කාරණයක්. රාජ්‍ය සේවයට අපි තවදුරටත් බදවා ගන්නේ නැහැ. අත්‍යාවශ්‍ය සේවා වලට පමණයි බදවා ගන්නේ. රජ්‍ය සේවය පුළුල් කිරීම පිළිබදව පැහැදිලි කථිකාවතක් ඇති වී තිබෙනවා. ජනතාවගේ පැත්තෙන් විවේචනයට ලක්වෙන කාරණයක්. හදවතින් නොව බුද්ධියෙන් තින්දු ගත යුතු කාලය ඇවිත් තිබෙනවා. නිවැරදි තින්දු ගත හැකි කෙනෙක් විදිහට ජනාධිපතිතුමාට දර්ශණයක් තිබෙනවා. එම දර්ශණය ඉදිරිපත් කර තිබෙනවා. විවේචනවලට ලක්වුවත් සාමූහිකව ඉදිරිකාලයේ දී අපට පුළුවන් වෙයි මේ රට නැවැත යථාවත් කරන්න. ජනතාවට ලබාදෙන දිමනා දෙගුණ කරලා තිබෙනවා. වැඩි කරලා තිබෙනවා. සැමදාම සුබසාධන රජ්‍යක්ම කරගෙන යා නොහැකියි. වර්තමානයේ අපි එය කරන්නේ මේ රටේ ජනතාව අපහසුතාවට පත්ව ඇති නිසා. බිලියන 180 ක් සහනාධාර වෙනුවෙන්, බිලියන 450 ක් සෞඛ්‍ය වෙනුවෙන්, බිලියන 350 ක් පමණ අධ්‍යාපනයට වැය කරනවා. අධ්‍යාපන, සෞඛ්‍ය හා සමාජ සුබසාධන වැඩපිළිවෙලට රුපියල් බිලියන 1000 ක් වැය කරනවා. ඉඩම් ගැටළු විසදීමට කටයුතු කර තිබෙනවා. ජනතාවට තමා පදිංචි ඉඩමට සින්නක්කර ඔප්පු ලබාදී තිබෙනවා.”   

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya