බැද්දගාන තේත් බිම් උද්‍යානය හා කෝට්ටේ රැම්පාර්ට් තෙත් බිම් උද්‍යානය, දියවන්නා තෙත්බිම් මධ්‍යස්ථානය ලෙස හදුන්වනු ලැබේ.ඒ මධ්‍යස්ථානය සඳහා ඩිල්මා ආයතනය වසරක් සඳහා රුපියල් මිලියන 12.4ක මුල්‍ය අනුග්‍රහයක් සිදු කරනු ලබයි. පාරිසරික ආරක්ෂණ ක්‍රියාකාරකම් සඳහා උද්‍යාන දෙකෙහි ඇති නාම පුවරු, දැව තට්ටු ප්‍රදේශ නවීකරණය කිරීම සඳහා එම මුදල් යොදවනු ලබයි.
දියවන්නා තෙත්බිම් මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් වසරකට අධ්‍යාපන වැඩසටහන් 100ක් පමණ සිදු කෙරේ. ඒ සඳහා වන මූල්‍ය අනුග්‍රහය හා සම්පත් දායකත්වයත් ඩිල්මා තේ ආයතනය විසින් ලබා දේ.
1985 දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. එය හෙක්ටයාර 25කට ආසන්න වපසරියක පැතිරී ඇති අතර බැද්දගාන තෙත්බිම් උද්‍යානය සහ කෝට්ටේ රැම්පාර්ට් තෙත්බිම් උද්‍යානය සමඟින් සමන්විත වේ.
ලෝක බැංකු අරමුදල්වල මූල්‍ය ආධාර ඇතිව නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) පරිසර හා භූ දර්ශන අංශය මෙම දර්ශනීය පරිසරය සංරක්ෂණය කර ඇත.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපල හා ඉඩම් සංවර්ධන) ඊ.ඒ.සී. ප්‍රියශාන්ත මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (පරිසර හා භූ දර්ශන) චන්දනා කලුපහන මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.