නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් වැඩබලන මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය. ජනතාව විපක්ෂයට වඩා අවදියෙන් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
දේශපාලන හිතවත්කම් මත සමෘද්ධිය වැනි සමාජ සුබ සාධන වැඩසටහන්වලට ඇතුළත් වීමට ජනතාවට සිදු වූ කාලයක සිට අස්වැසුම වැනි නියම සුදුස්සන් තෝරා පත් කර ගන්නා ක්‍රමවේදයක් සකස් කිරීම දක්වා ක්‍රමවේදය වෙනසක් සිදු වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එසේ ම අවස්ථාව 16 කදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමග ඇති කර ගත් එකගතා පිළිබඳ පාර්ලිමේන්තුවේ දින තුනක් විවාද කිරීම ද ක්‍රම වෙනසක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එහෙත් මේ කිසිදු අවස්ථාවකට දායක වීමට විපක්ෂයට නොහැකි වීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂය තවමත් ඊට ප්‍රමාද නොමැති බවයි. බෞද්ධ දර්ශනයට අනුව මල් වට්ටිය පූජා කරන අවස්ථාවේ ඊට අත ගැසීමට පැකුළුණු කෙනෙකුට පූජා කළ පසු අත ගැසීමෙන් ද එම අනිසංශ ම හිමි බව අමාත්‍යවරයා සිටියේ ය. සෙසු ආගම්වල ද පවු සමා කිරීමේ ක්‍රමයන් බවතින බව කියා සිටි අමාත්‍යවරයා ඒ අනුව යමින් හෝ ජනාධිපතිවරයාගේ වත්මන් වැඩපිළිවෙළ සමග එක් වන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේ ය.