නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය වසර දෙකක ප්‍රගතිය තුළ ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය කැපීපෙනෙනවා

    පෙබරවාරි 08, 2024

    අරගලයෙන් අරාජික වූ රට බාර ගැනීමේ පෞරුෂයක් තිබූ එකම නායකයා ලෙස පසුගිය වසර දෙකක ප්‍රගතිය තුළ ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය කැපීපෙනෙන බව , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී මදුර විතානගේ මහතා අද(08) පාර්ලිමේන්තුවේ දී  පැවසීය. 

    විදේශීය රටවල න්‍යාය පත්‍රයන්ට හා විදෙස් නායකයන්ට අවශ්‍ය පරිදි මෙරට කටයුතු මෙහෙය වීමට ඉඩ නොතැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞරුෂත්වය සම්බන්ධයෙන් සතුටු විය හැකි බවද හෙතෙම පැවසීය. නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය විවාදය සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

    මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

    පසුගිය කාලයට වඩා මේ වන විට වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ජන ජීවිතය ගොඩනඟා තිබෙනවා. වර්ධනය වෙමින් පවතින ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීම සඳහා විදේශ අයෝජන ලබාගැනීමට ද පියවර ගෙන තිබෙනවා. කෘෂි කර්මාන්තය සඳහා සුදුසු ඉඩම් තෝරාගෙන කෘෂි කර්මාන්තය වැඩිදියුණු කිරීමටත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළින් තරුණ ජීවිතවලට වඩාත් යහපත් ඉදිරි අනාගතයක් සකස් කර ගැනීමට කටයුතු කිරීමත්, ජනාධිපතිවරයා ඇතුළු රජය ගෙනයන වැඩපිළිවෙළ ව්‍යවස්ථාදායකයේ වගකීම මනා ලෙස ඉටු කරමින් වඩාත් සමෘද්ධිමත් රටක් වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබාදිය යුතු බවටත් මේ සභාවට මම ඉදිරිපත් කරනවා. සංචාරකයන් මෙරටට පැමිණීම මේ වන විට වැඩිවෙලා තිබෙනවා. ආර්ථිකය යම් මට්ටමකින් ශක්තිමත් වෙලා තිබෙනවා. කොවිඩ්, පාස්කු ප්‍රහාරය, විදේශ ප්‍රේෂණ මෙරටට එවන්න එපා කීම, කෙළවරපිටිය, උමාඔය ව්‍යාපෘති කඩාකප්පල් කිරීම යනාදිය සම්බන්ධයෙන් ලබාදී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු විවේචනය කළ හැකි වුණත් අපි එසේ කරන්නේ නැහැ. සිස්ටම් චේන්ජ් එකක් විය යුතුයි. රටවලට අවශ්‍ය විදියට මේ රට අකර්මන්‍ය කිරීම සිස්ටම් චේන්ජ් නොවේ.රටවල තානාපතිවරුන්ට අවශ්‍ය විදියට, න්‍යාය පත්‍රයන්ට අවශ්‍ය විදියට අපේ රට හැසිරවීමට බැහැ. ජනාධිපතිවරයා ඒ සඳහා එකඟත් නැහැ.   

    මැතිවරණ කාලයක් ඉදිරියේ දී පැමිණීමට නියමිතයි. මැතිවරණ කේන්ද්‍ර කර ගනිමින් දේශපාලඥයන්ගේ දරුවන්ට, භාර්යාවන්ට, නෑයන්ට දුරකථන මාර්ගයෙන් කතා කර හෝ කෙටි පණිවුඩ එවීමෙන් බලපෑම් කරනවා. දැවැන්ත භීෂණයක් මවමින් අමුතු දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනැඟෙමින් යනවා. එය අනුමත කළ නොහැකියි. රට හදන්න සැවොම එක්විය යුතුයි. රාජිත, ෆොන්සේකා, වෙල්ගම, පාඨලී මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කතාව ඊයේ අසා සිටියා. ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා යනුවෙන්ද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya