නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කේ අයි යූ සහ හොරයිසන් පෞද්ගලික විශ්ව විද්‍යාලවල දරුවන්ට රාජ්‍ය බැංකුවලින් අඛණ්ඩව පොලී රහිත ණය පහසුකම් -අධ්‍යාපන ඇමැති

    පෙබරවාරි 08, 2024

    කේ.අයි.යූ. සහ හොරයිසන් පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි ඉගෙනුම ලබන දරුවන්ට රාජ්‍ය බැංකුවෙන් ලබාදෙන පොලී රහිත ණය අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාඅද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ සඳහා වූ අමාත්‍ය මණ්ඩල පනත මේ වන විට සූදානම් කරමින් පවතින බවත් එහි වැඩ කටයුතු ඉදිරි සති දෙක තුන තුළදී අවසන් කර සම්මත කර ගත හැකි අතර දැනට එම ආයතනයන්හි ඉගෙනුම ලබන දරුවන්ට අඛණ්ඩව ඉගෙනුම් කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙසට අදාළ ආයතනවලින් ඉල්ලීමක් කර ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,
    වර්තමාන ජනාධිපතිවරයා 2017 වසරේදී මේ ණය යෝජනා ක්‍රමය ආරම්භ කළා. හත්වැනි කණ්ඩායම මෙවර බඳවා ගන්නවා. කණ්ඩායම් හයක් මේ වන විට අවසන් කර තිබෙනවා. 5000 කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවල දරුවන්ට උපාධිය හැදෑරීමට පොලී රහිත ණයක් ලංකා බැංකුව හා මහජන බැංකුව කටයුතු කළා. මේ ප්‍රශ්නය මීට කලින් විපක්ෂ නායකවරයා මතු කළාට පසුව ඉන් පසුදාම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් කැඳෙව්වා. ජනාධිපති ලේකම්වරයාත්, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරුවන් ඇතුළු පිරිසත්, භාණ්ඩාගාර නිලධාරීනුත් සම්බන්ධ වෙලා විසඳුමක් ඊට ලබාදුන්නා. මේ ආයතනවලට අලුතින් බඳවා ගත් කණ්ඩායමට ණය ලබානොදීම ප්‍රමාද කිරීමට ප්‍රධාන හේතුවක් වුණේ පළමු හා දෙවැනි කණ්ඩායම්වල 200 ක පමණ පිරිසක් ණය ගෙවීම පැහැර හැර තිබීම. පළමු හා දෙවැනි කණ්ඩායම් උපාධිය අවසන් කරන විට කොවිඩ් ප්‍රශ්නය මතු වූ බවට සාකච්ඡාවේදී මම පැහැදිලි කළා. අවුරුදු දෙකක් තිස්සේ ඒ අයට විවිධ දුෂ්කරතා තිබුණා. 200 ක් කියන්නේ ප්‍රතිශතාත්මක ලෙස ලොකු සංඛ්‍යාවක් නෙවෙයි. බැංකුවේ රිකවරි දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් අය කර ගැනීමට පියවර ගත යුතුයි. අලුතින් ඇපකරුවන් දෙදෙනකු බැංකුව විසින් ඉල්ලා ණය මුදල ලබාදීමට පියවර ගත යුතුයි. මේ ණය මුදල් සම්බන්ධයෙන් අවසන් කර පසුගිය සතියේ තොරතුරු එවා තිබෙනවා. ඊට අමාත්‍ය මණ්ඩල සංදේශයක් මමත්, මුදල් අමාත්‍යාංශයත් අත්සන් කර සූදානම් කර තිබෙනවා. 

    අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතිරේක ලේකම්වරයා මාර්ගයෙන් මේ සම්බන්ධයෙන්ශ්ව අදාළ විද්‍යාලවලට  දැනුම් දෙන බවද හෙතෙම පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya