ඒ මහතා මේ බව ප්රකාශ කලේ අද (07) රජයේ නිල පුවත් වෙබ් අඩවිය විසින් මේ පිළිබඳව සිදු කළ විමසුමේ දී ය.
මේ වන විට ගාස්තු සමාලෝචන කමිටුවක් පත් කර තිබෙන බව ද සඳහන් කළ ඒ මහතා බස්නාහිර පළාතට අයත් දිස්ත්රික්ක තුනෙහි ත්රී රෝද රථ සංගම් වල නියෝජිතයින්, ප්රවාහන අමාත්යංශය, මාර්ගස්ථ මඟී ප්රවාහන අධිකාරියේ නිළධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මේ සඳහා පත් කර තිබෙන බවත්, නිශ්චිත ගාස්තුවක් හඳුන්වාදීම සම්බන්ධව මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතින බවත් හෙතෙම සන්ධාන කළේය.
එමෙන්ම, ඉන්ධන මිල වෙනස්වීමත් සමඟ ඇතැම් ත්රීරෝද රථ නිශ්චිත ගාස්තුවක් අය නොකර හෝ ගාස්තු මීටරය ක්රියාත්මක නොකර මඟීන්ව ගමනාන්ත වෙත ගෙන ගොස් වැඩියෙන් මුදල් ලබා ගැනීම පිළිබඳව මෙහි දී රජයේ නිල පුවත් වෙබ් අඩවිය විසින් ද මාර්ගස්ථ මඟී ප්රවාහන අධිකාරියේ සභාපතිවරයාට දැනුම්දෙන ලද අතර හෙතෙම පවසුවේ, එකී ගැටළු සඳහා මෙලෙස නිශ්චිත ගාස්තු ක්රමයක් හඳුන්වා දීම මඟින් සහ කුලී ත්රී රෝද රථ මඟින් මඟීන්ට සිදු වෙන අසාධාරණ සම්බන්ධව පැමිණිලි කිරීමටත්, එවන් අවස්තාවක දී වහා නීතිය ක්රියාත්මක කිරීමටත් හැකි වන ලෙස මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බවයි.
ඒ අනුව, මෙම වැඩපිළිවෙල ඉදිරි සති කිහිපය තුළ ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, මඟීන්ගෙන් අයථා ලෙස මුදල් ගැනීම් සිදු කරන කුලී ත්රීරෝද රථ හිමියන් පිළිබඳව වැටලීම් කිරීමටත් කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.