2022 වසර පුරා කඩා වැටුණු ආර්ථිකය, 2023 වසරේදී වාර්තාගත ප්‍රගතියක් අත් කර ගත හැකි වූයේ අහම්බයකින් නොවන බවත් ඉතා පරිස්සමින් හා දූරදර්ශීව සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම තුළින් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය, 1977න් පසු පළමු වරට 2023 වසර අවසානයේදී අතිරික්තයක් ඇති කර ගත හැකි වූ බවද හෙතෙම සඳහන් කළේය.
ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුම් නැති බවත්, ආර්ථික අර්බුදය විසඳීමට ඇත්තේ ආර්ථික විසඳුමක් පමණක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආර්ථික පරිවර්තන පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද පැවසීය