මේ සඳහා නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීම සඳහා 2022-11-14 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව , එකී නියමු ව්‍යාපෘතියෙහි ප්‍රතිඵල සහ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ මත පදනම්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ද්වීවාර්ෂිකව අලුත් කිරීමේ පදනම මත නිකුත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ, දශක 02ක් තිස්සේ මේ පිළිබඳව ශ්‍රවාණාභාධිත සංගම් විසින් ඉල්ලීම් කළ බවයි.
ලෝකයේ දියුණු රටවල ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට සැහැල්ලු වාහන පැදවීමට අවසර ලබා දී තිබෙනවා. මේ සඳහා පොලීස් රථ වාහන අංශය සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා පැවැත් වූවා. ගම්පහ දිස්ත්‍රික්කය මුල් කරගෙන නියමු ව්‍යාපෘතියක් පැැවැත් වූවා. ඒ අනුව ප්‍රථම වතාවට පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට සැහැල්ලු වාහන බලපත් ලබා දීමට හැකි වුණා.