ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙඩිමුර ඉතිහාසය දෙස බැලීමේදී මුල් වතාවට නිදහස් දිනයක් වෙනුවෙන් වෙඩි මුර 15 ක ආචාරයක් රාජකීය නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී 1948 වර්ෂයේදී පවත්වා ඇත. 1949 වර්ෂයේදී එක් අවියක් උපයෝගී කරගනිමින් මෙම වෙඩිමුර උත්තමාචාරය විජය නෞකාවේදී පවත්වා ඇත. මෙම වෙඩිමුර ආචාරය නාවික හමුදාව 1948 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වා ඇති අතර, ආරම්භයේදී ප්‍රථම වෙඩිමුර උත්තමාචාරය ගාලු මුවදොර පිටියේදීත්, පසුව නෞකා මත දීත් අනතුරුව, කොළඹ වරායේ ගෝල් බක් බේ ස්ථානයේ සහ කොළඹ ප්‍රදිපාගාර පරිශ්‍රයේදීත් පවත්වා ඇත.
73 වන නිදහස් දිනයට සමගාමීව ජාතිය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර පිරිනැමීම ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේදීත්, 74 වන නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාරය පිරිනැමීම ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදීත්, පසුගිය 2023 වර්ෂයේ 75වන නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාරය පිරිනැමීම ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මතදීත් සිදුකෙරුණු අතර, නාවික හමුදාව විසින් සිදුකල අතර, 76 වන නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය වෙනුවෙන් අද දින (2024 පෙබරවාරි 04) වෙඩිමුර උත්තමාචාර 25 ක් පිරිනැමීම මෙලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මතදී සිදුකෙරිණි.
වෙඩි මුර උත්තමාචාරය පැවැත්වෙන අවස්ථාවේ නෞකාවේකුඹගසෙහි විශේෂ ධජ සැරසිල්ලක් සිදුකරනු ලබන අතර, ධජ මගින් කියවෙන ඉංග්‍රීසිඅක්ෂර සහ ඉලක්කම් උපයෝගී කරගනිමින් වෙඩිමුර උත්තමාචාරය " 25 Gun Salutes for the Nation" ලෙස අර්ථ ගැන්වෙන ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේකුඹගස සැරසීම සිදු කෙරිණි.
76 වන නිදහස් දින උළෙලට සමඟාමීව ජාතිය වෙනුවෙන්වෙඩිමුර 25ක් පැවැත්වීම ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ සවිකළ මිලි මීටර 47 වර්ගයේ අවි 04ක් මඟින් සිදුකෙරුණු අතර, ආචාරවෙඩිමුර කණ්ඩායම ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ලක්‍ෂමණ් අමරසිංහ, විධායක නිලධාරී කොමාණ්ඩර් ලියනගේ විරාජ් සහ අවි නිලධාරී ලුතිනන්කොමාණ්ඩර් ඩබ්එම්සීපී විතාරණ යන නිලධාරීන්ගෙන් සමන්විත විය.