ජාතික නිදහස් දින සැමරීම් උත්සවයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් පෙබරවාරි මස 2 වැනි දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත් වේ. එම රුක් රෝපණ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව ඖෂධ පැළ ලබා දෙන බවත් ඒ මහතා සඳහන් කළේය. දිවයින පුරා ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවද යසරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
නිදහස් දින සැමරුම් උත්සයයේ සර්ව ආගමික වතාවන් සිදු කෙරෙන ආකාරය පිළිබඳවද හෙතෙම මෙම මාධ්‍ය සාකච්ඡාවෙදී කරුණු දැක්වීය.
ඒ අනුව පෙබරවාරි මස දෙවැනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙන අතර, නිදහස් දින බෞද්ධ ආගමික වතාවත් කොල්ලුපිටිය ධර්මකීර්තිරාමයේදී පැවැත්වේ.එසේම හින්දු ආගමික වතාවත් කොළඹ 4 වජිරා පිල්ලයාන් කෝවිලේදී සිදු කෙරෙන අතර බොරැල්ලේ පිහිටි සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදී කතෝලික ආගමික වතාවන් සිදු කෙරේ.ක්‍රිස්තියානි ආගමික වතාවන් කොළඹ 3 ක්‍රිස්තියානි රෙපරමාදු දේවස්ථානයේදී සිදු කෙරෙන අතර ඉස්ලාම් ආගමික වතාවත් කොළඹ 11 ජම්-උල්-අල්ෆර් මුස්ලිම් දේවස්ථානය එනම් රතු පල්ලියේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
එසේම නිදහස් දින සැමරුම් උත්සවයේ උදෑසන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු සූදානම් කර ඇති බව පැවසූ ඒ මහතා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ඇති විරු ප්‍රතිමාවලටද පුෂ්පෝපහාරයන් දැක්වීමට නියමිත බවද කීය.
තවද නිදහස් දින සමැරුම් උත්සවයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව පැවසූ යසරත්න මහතා සියලු රාජ්‍ය ආයතනවල මෙන්ම නිවෙස්වල ජාතික කෙඩිය එසවීමට කටයුතු කරන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කළේය.
එසේම ජාතික කොඩියට අවමන් සිදු නොවන පරිදි වාහනවල ප්‍රදර්ශනය කරන ලෙසත් ජාතික කොඩිය එසේ අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.