ඒ මහතා මේ බව පැවසුවේ 76 වන නිදහස් දින සමරු උළෙල පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (31) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
ගුවන් හමුදා භටයින් තිදෙනෙක් සහ යුද හමුදා භටයෙක් මෙලෙස අනතුරට ලක් වී ඇති අතර එක් භටයෙක් එම ස්ථානයේදී ප්‍රථමාධාර ලබා දුන් අතර සෙසු භටයන් කොළඹ ජාතික රෝහලගට ඇතුළත් කළ බවත් ඒ මහතා පැවසීය.ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ගුවන් හමුදා භටයන් මේ වන විට රෝහලෙන් පිටව ගොස් ගුවන් හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් යුද හමුදා භටයා යුද හමුදා රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබන බවත් හෙතෙම සඳහන් කළේය. එසේම සුළගේ වේගය වැඩිවීම සහ සුළඟේ දිශාව වෙනස්වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් නිදහස් දින සැමරුමට පැරෂුට් සංදර්ශනය ඉදිරිපත් කරන බවත් ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.