නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමාදයකින් තොරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත කියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සකස් කරනවා

    ජනවාරි 30, 2024

    ප්‍රමාදයකින් තොරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත කියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සකස් කරන බවත් මෙම පනත මගින් සමාජ මාධ්‍ය පාලනය සඳහා කිසිදු සීමා පැනවීමක් සිදුවන්නේ නැතැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග  අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.මාර්ගගත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ, ද්වේශ සහගතව, පටු අරමුණු වලට සමාජ මාධ්‍ය රෞද්‍ර ලෙස භාවිත කිරීම හා පොදු සමාජයට හානි කර ලෙස යොදාගැනීම වැළක්වීම බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

    ඕනෑම සමාජ මාධ්‍යයක් වෙනත් අයට ආරවුල් ගැටුම් ඇති නොවන ලෙස භාවිතා කිරීම පිලිබඳ කිසිඳු සීමා පැනවීමක් නොමැති බවත්, ආගමික හැගීම් පෑරවීම්, ආගම් අතර ගැටුම් ඇතිකිරීම, ළමා අපයෝජන, පුද්ගලයින් බිය වැද්දීම්, ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීම හා ලිංගික අතවරයන් සිදු කිරීම් යනාදිය සිදු කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැනවීම උදෙසා ලොව අනිකුත් දියුණු රටවල් අනුගමනය කරන පිළිවෙත් හා සම්මතයන් ට අනුව  මෙම පනත් කෙටුම්පත සකසා ඇති බව හෙතෙම පැවසීය.

    ඒ අනුව, ජාත්‍යනතර වශයෙන් ඉදිරිපත් වූ ඇතැම් අදහස් අනුව අවශ්‍ය සංශෝධන කිරීම‍ට ද මෙම මාර්ගගත ආරක්ෂණ පනත පිළිබඳව වූ යෝජනාව ඉදිරිපත් කළ විෂය භාර අමාත්‍ය මහජන ආරක්ෂක අමත්‍යවරයා එකඟ වී තිබෙන බවත්, පනත සම්මත වී ඇති අතර පනත ක්‍රියාත්මක කිරීම කඩිනමින් ඉටු කිරීමට අවශ්‍ය විධිවිධාන යොදන බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙමඟින්, මෙරට නිරායුධ යහපත් ඇවතුම් පැවතුම් ඇති සියලු මිනිසුන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමට හා නිදහසේ වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව ලබා දීමට හැකි බවත්, සදාචාර සම්පන්න සමාජයක යහපත් දේ වැඩිවශයෙන් යොදාගැනීමට මෙම පනත තුළින් බාධාවක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya