ඒ අනුව ගාලු පාර කොල්ලුපිටිය හන්දියේ සිට ගාලු මුවදොර දක්වා සහ සෙරමික් හන්දියේ සිට ගාලු මුවදොර දක්වා වාහන ගමනාගමනය තාවකාලිකව නතර කරන බව සඳහන්වේ.
අද(30) සිට පෙබරවාරි 02 දක්වා පෙරවරු 6.00 සිට 8.30 දක්වා සහ පෙරවරු 11.00 සිට දහවල් 12.30 දක්වා මෙම මාර්ග වසා දැමෙනු ඇත.
පෙබරවාරි 03 වැනිදා පස්වරු 2.00 සිට පෙබරවාරි 04 වැනිදා නිදහස් දින උත්සවය අවසන් වනතුරු මෙය ක්රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.