නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදුකිරීම සම්බන්ධයෙන් විද්වත් සංවාදයක්

    ජනවාරි 29, 2024

    උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 30 කට අධික කාලයක් පුරා වෙනස්කම් සිදු නොවූ අතර මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , මහාචාර්යවරුන් සහ බුද්ධිමතුන් එක්ව උසස් අධ්‍යාපන ක්‍රමවේදය වෙනස්කම් පිළිබඳ සංවාදයන් සිදු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තම්න්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
    20222 / 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 263000 කගෙන් සියයට 62ක් එනම් 84000ක් සමත් වී ඇති අතර ඉන් විශ්වවිද්‍යාල වරම් හිමිකර ගෙන ඇත්තේ 43101 ක් බවත් අමාත්‍යවරයා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.එසේම කාලීනව විශ්වවිද්‍යාලවල පාඨමාලාවන් වෙනස් විය යුතු බවත් විද්‍යාර්ථීන්ට දෙමුහුම් පාඨමාලාවන් හැදෑරීමට හැකිවන පරිදි  උපාධි ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් සිදු කෙරෙන බවත් හෙතෙම අවධාරණය කළේය.ඒ අනුව කලා විෂයධාරාව හදාරන විද්‍යාර්ථීන්ට වෙනත්  විෂය  ධාරාවක් හැදෑරීමට අවස්ථාව හිමිවේ.ලෝකයේ කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි උසස් අධ්‍යාපන ක්‍රමවේදයන් වෙනස් විය යුතු බවත් ඒ මහතා පෙන්වා දේ.විශේෂයෙන්ම වෛද්‍ය උපාධිය සඳහා පමණක් රජය රුපියල් මිලියන 10ක් අුායෝජනය කරන බව පැවසූ ඒ මහතා වෛද්‍ය වෘත්තිකයන් රට හැර යාමෙන් හිඟවන වෛද්‍ය වෘත්තියේ පුරප්පාඩු පිරවීමට වෙනත් ක්ෂේත්‍රයක වෘත්තිකයන් ආදේශ කළ නොහැකි බවද පෙන්වා දුන්නේය.
    මෙ වනවිට බොහෝ විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථින්, ආචාර්ය මහාචාර්යවරුන් , අනධ්‍යයන කාර්යමණ්ඩලය  ඇතුලු පිරිස විශාල ප්‍රමාණයක් බැවින් තනි උපකුලපතිවරයකුට මෙම සියලු වගකීම් ඉටු කිරීමේදී බාධා ඇතිවන බැවින් තවත් උපකුලපතිධූරයක් හඳුන්වා දීමට පියවර ගන්නා බවත් හෙතෙම පෙන්වා දුන්නේය.එසේම මෙවර අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන් පරිදි  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනගි සේවාවක් ඉටු කරන අතර මෙම වසරේදී නව අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අදාල කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
    විශ්වවිද්‍යාල තුළ පවතින නවක වදය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා විශ්වවිද්‍යාල තුළ නවක වදය සම්පූර්ණයෙන්ම තහනම් බවත් යම්කිසි නවක වද සිදුවීමකට හෝ ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙන්නේ නම් 1997 ක්ෂණික දුරකතන අංකයට හෝ 076-5453454 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කෙරේ. දවසේ පැය 24 පුරාම මෙම දුරකතන අංක විවෘත ව පවතින බවත් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට 3000 කට අධික  විශාල පිරිසක් සූදානමින් සිටින බවත් ඒ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya