මෙම සංචාරය අතරතුරදී, තායි අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම නිරීක්ෂණය කිරීමටද නියමිතය. තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ වාණිජ අමාත්‍ය ඵූම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තැබෙයි. දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කොට ශ්‍රී ලංකාව ආසියාන් රටවල ආර්ථික සමඟ තවත් දැඩි ලෙස සමෝධානය වීම ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් අපේක්ෂිතය. මීට අමතරව, දෙරට අතර පවතින ගුවන් සේවා ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වය අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතය.
තායිලන්තයේ වාණිජ අමාත්‍යාංශය යටතේ ඇති ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සහ වෙළෙඳ ප්‍රමන්ත්‍රණ දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව සහ ලංකා වාණිජ මණ්ඩලයත් එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා- තායිලන්ත ව්‍යාපාරික සංසදයක් මෙම සංචාරය අතරතුරදී කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වේ.
මෙම සංචාරයේදී, තායි අග්‍රාමාත්‍යවරයා සමඟ තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා වාණිජ අමාත්‍ය ඵූම්තාම් වෙචයචායි, නියෝජ්‍ය විදේශ අමාත්‍ය ජක්කපොං සංග්මනී යන මහත්වරුන්ද, ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිතයන්ද ඇතුළු 39 දෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක් පැමිණෙයි.