නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසැල් අධ්‍යාපනය විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා

    ජනවාරි 24, 2024

    අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කිසිදු ආකාරයකින් පෙර පාසල් නියාමනයක් සිදු නොකරන අතර එම විෂය පැවරෙනුයේ පළාත් සභා වෙත බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(24)පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ගැළපෙන පරිදි පූර්ව ළමා අවධිය සකස් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදු කරන බවත් පෙර පාසල් අතර තිබෙන අවිධිමත්භාවය විධිමත්භාවයට පත් කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා පැවසුවේය.ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
    ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
    මෙරට පෙර පාසල් 19,000 ක් තිබෙනවා. පෙර පාසල් වර්ග 5 ක් තිබෙනවා. ජාත්‍යන්තර පාසල්වලින් කරන පෙර පාසල්, පෞද්ගලික මට්ටමෙන් කරන පෙර පාසල්, පළාත් සභා මඟින් කරන පෙර පාසල්, වෙනත් සංවිධාන මඟින් කරන පෙර පාසල්, පළාත් පාලන ආයතනවලින් කරන පෙර පාසල්. පෙර පාසල් යනු බෙදුණු විෂයක්. ඒ බව පළාත් සභාවේ උප ලේඛනයේ සඳහන් වෙනවා. ඒ සඳහා පළාත් නවයේම ප්‍රඥප්ති තිබෙනවා. බස්නාහිර පළාතේ ප්‍රඥප්තිය මහ ඇමැතිවරයා විදියට මම හැදුවේ 1996 වසරේදි. යුනිසෙෆ් වාර්තාව අනුව අවුරුදු 4 සම්පූර්ණ වන සියයට 30 ක් දරුවන් පෙර පාසල්ගත වන්නේ නැහැ. දරිද්‍රතාව, නොදැනුවත්කම යනාදී කාරණා මීට බලපාන්න පුළුවන්. පෙර පාසල් අත්පොත යාවත්කාලීන වෙලා නැහැ. පෙර පාසල් නියාමනය අයිති වන්නේ පළාත් සභාවලට. පළාත් අධ්‍යාපන මට්ටමෙන් ඒවා විධිමත් කළ යුතුයි. පෙර පාසල් ගුරුවරුන් 34000 ක් සිටිනවා. ඒ අය හුරු කරවීමට වැඩමුළු පැවැත්වීම අපි කරනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ එම වැඩමුළු තිබෙනවා. කිසිම ආකාරයකට දැන් පවත්වන පෙර පාසල් අමාත්‍යාංශය යටතේ නියාමනයක් සිදු කරන්නේ නැහැ. ප්‍රඥප්තීන් තිබෙන්නේ පළාත්වල. ගුරුවරු යාවත්කාලීන කිරීම පමණක් අමාත්‍යාංශය සිදු කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya