මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගය පෙබරවාරි පළමු වනදා අවසන් වන බවත් උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්ට හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට පසුගිය වසරේදී ලබාදුන් දීමනා ලබාදීම සඳහා තමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, එම කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවද වැඩිදුරටත් සඳහන් කළේය.