නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හමුදාව ස්ථානගත වී සිටින්නේ රජයේ ඉඩම්වල පමණයි- ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

    ජනවාරි 24, 2024

    නැගෙනහිර පළාතේ හමුදාව සතුව පැවති ඉඩම් වලින් 90%කට වැඩි ප්‍රමාණයක් එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට ලබා දී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මඩකලපුව කුරුක්කල්මඩම් කලෙයිවාණි මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය යුද හමුදා භාරයේ පවතින් බැවින් ක්‍රීඩා කිරීමසඳහා භාවිතා කිරීමට නොහැකි වී ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානික්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.


    මේ වන විට ත්‍රිවිධ හමුදාව සතුව ඇත්තේ අක්කර 7379ක් පමණක් බවද හෙතෙම කීය. මෙයින්ද අක්කර 37.8ක් පෞද්ගලික හිමිකරුවන්ට අයත් බවත් රජය සතුව පවතින්නේ අක්කර 7342ක් පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    මෙම පෞද්ගලික අංශයට අයත් ඉඩම් අක්කර 37.84 න් අක්කර 8ක් මෙම වසරේ ලබා දෙනවා. මෙයට ජාතිවාදය ඇදලා ගන්න එපා. හමුදා ස්ථානගත වී තිබෙන්නේ මෙම රජයේ ඉඩම් වල පමණයි. එම රජයේ ඉඩම් ලබා ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා.හමුදාව උතුරේ වගේම දකුණේත ඉන්නවා. එය හමුදාවේ ආරක්ෂක සැළැස්මට අනුව සිදුවන දෙයක්

    හමුදාවේ කඳවුරු තිබෙන්නේ උතුරු නැගෙනහිර පමණක් නොවේ.රටේ වර්තමාන සහ අනාගත අවධානම සැළකිල්ලට ගනිමින් කඳවුරු ස්ථාපිත කර තිබෙනවා. එම නිසා උතුරු නැගෙනහිර පමණක් යුධ හමුදා කඳවුරු තිබෙනවා කියන මතය අපි බැහැර කරනවා. උතුරු නැගෙනහිර කුරුක්කල්මඩම් පාසල වෙනත් තැනකට ගෙන යන්නේ සුනාමි අවධානම නිසා. ක්‍රීඩා පිටිය තිබෙන්නේ කඳවුරෙන් පිටත. මම ඒ ගැන තවදුරටත් සොයා බලන්නම්. අක්කර දෙකක පමණ හමුදා කඳවුරක් තමයි භාවිතා කරන්නේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya