නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් මලෙන් පොල් පැළ සෑදීමේ නව පර්යේෂණයක් සාර්ථකයි

    ජනවාරි 24, 2024

    පොල් මලෙහි Unopened Female Flower ආශ්‍රිතව පටක රෝපණය තුළින් පොල් වැවීම සම්බන්ධව ලුනුවිල පොල් පර්යේෂණායතනය සිදු කළ පර්යේෂණය සාර්ථක වී ඇති බව එම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ මහත්මිය පවසයි.

    ලොව පළමු වරට මෙවැනි පරීක්ෂණයක් සිදු කළ පළමු අවස්ථාව බවද ඒ මහත්මිය පෙන්වා දේ.

    මෙම නව නිෂ්පාදනය නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයට ගොස් ඇත.

    ඉතාමත් සාර්ථකව පර්යේෂණ නල තුළ පොල් මලක සියුම් කොටසක් යොදා ගැනීම මගින් නිපදවා ඇති පොල් පැළ අමාත්‍යවරයාගේ නිර්‍රක්ෂණයට ලක් විය.මෙරට සාම්ප්‍රදායික පොල් වගා ක්‍රමය තුළ පොල් පැළ සකසා ගැනීම සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වුවත් මෙම පර්යේෂණාගාරයේ අඟල් හයක් පමණ උස වීදුරු බටයක් තුළ සාර්ථකව පොල් පැළ වගා කර තිබේ.

     

    මෙම පර්යේෂණය සඳහා ආචාර්ය සනාතනී රණසිංහ, අංශ ප්‍රධාන ආචාර්ය විජිතා විදානාරච්චි ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසක් සහභාගී වී තිබේ.

    ලෝකයේ පොල් වගා කරන බොහෝ රටවල් පටක රෝපණ තාක්ෂණය යොදාගනිමින් පොල් පැළ වගා කිරීමට කටයුතු යෙදුවත් ඔවුන් යොදා ගනු ලබන්නේ පොල් මදය ආශ්‍රිතව ඇති කොටස් පමණි.නමුත් මෙතෙක් ලෝකයේ කිසිදු රටක් පොල් මලෙහි Unopened Female Flower ආශ්‍රිතව කොටස් යොදා ගනිමින් පොල් පැළ නීර්මාණය කර නැත.

    එමනිසා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය ඔවුන්ගේ රසායනාගාර ආශ්‍රිතව සිදු කරන ලද Clonal Plant පටක රෝපණ ක්‍රමය මගින් පොල් පැළ නිපදවා ගැනීම ඉතාමත් සාර්ථකව තිබේ.

    මෙහිදී එම නිලධාරින් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා මෙරට තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින බැවින් තැඹිලි පැළ නිපදවා ගැනීම සඳහා මෙම නව තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධව අදහස් පළ කළේය.

     

    ලුණුවිල පොල් පර්යේෂණායතනය විසින් මේ වනවිටත් මෙම නව තාක්ෂණය යොදා ගනිමින් තැඹිලි පැළ නිර්මාණය කිරීම ද ආරම්භ කර ඇති බව ආචාර්ය සනාතනී රණසිංහ මහත්මිය පැවසුවාය.

    මෙම ක්‍රමය යොදා ගනිමින් හැකි තරම් පොල් හා තැඹිලි පැළ නිපදවීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම මෙම නව තාක්ෂණය හදුන්වා දී ශ්‍රී ලංකාව ලොව අනිත් රටවල්වලට වඩා ඉදිරියෙන් සිටින බව පෙන්වීමට කටයුතු කළ සියලු විද්‍යාඥයින්ට අමාත්‍යවරයා සිය කෘතඥතාවය පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya