මෙහිදිපරිසර අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශයේ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙනුවෙන් සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මෙම අවබෝධතා ගිවසුමට අත්සන් තැබුහ.
මෙම අවබෝධතා ගිවිසුමට අනුව අදියර දෙකක් යටතේ ශීතකරණ හා වායුසමීකරණ සහ ජංගම වායු සමීකරණ ක්ෂේත්රයේ සේවා අංශයන්හි නියුතු කාර්මික ශිල්පීන් බලගැන්වීම සිදු කෙරේ.
පළමු අදියර යටතේ දැනට මෙම වෘත්තීයේ නිරත එහෙත් පිළිගත් වෘත්තීය සුදුසුකමක් (සහතිකකරණයක්) නොමැති සියළුම කාර්මික ශීල්පීන්ට ශීතකරණ හා වායුසමීකරණ හා ජංගම වායු සමීකරණ ශිල්පය පිළිබද ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම (National Vocational Qualification Level 3) නොමිලේ පිරිනැමේ. ඇගයීම් පරීක්ෂණ ගාස්තු, කෙටි පුහුණුවක් සදහා වැය වන වියදම් සහ අවසාන පරීක්ෂණය සදහා අවශ්‍ය වන විභාග ද්‍රව්‍ය සදහා පරිසර අමාත්‍යංශයේ වායු සම්පත් කළමනාකරණ හා ඕසෝන් ඒකකය විසින් අනුග්‍රහය දක්වනු ලබන අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා වායු සම්පත් කළමනාකරණ හා ඕසෝන් ඒකකය විසින් මෙම වැඩසටහනේ මෙහෙයුම් කටයුතු සිදු කරයි. දැනට ශීතකරණ හා වායුසමීකරණ හා ජංගම වායු සමීකරණ කාර්මික ශිල්පීන් වශයෙන් 10,000කට අධික පිරිසක් වෘත්තියෙහි නිරත වන බවට ඇස්තමේන්තු කර ඇති අතර මේ පිරිස අතරින් පිළිගත් සුදුසුකම් නොමැති සියළුම කාර්මික ශිල්පීන්ට නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම මට්ටම් 03 ලබාගැනීම සදහා මෙම වැඩසටහන මගින් අවස්ථාව සලසා ඇත.
වැඩසටහනේ දෙවන අදියර යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් ලබාගත් කාර්මික ශිල්පීන් සදහා හැදුනුම්පතක් හදුන්වාදීමටද මෙම අවබෝධතා ගිවිසුම යටතේ ප්‍රතිපාදන සලසා ඇත. ප්‍රමානවත් කාර්මික ශිල්පීන් සංඛාවක් ජාතික වෘත්තීය සුදුසුකම් 04 වන මට්ටම (National Vocational Qualification Level 4) ලබාගැනීමෙන් අනතුරුව බලපත්‍ර ක්‍රමය (Licensing Scheme) ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන යටතේ පෙර දැනුම ඇගයීම් ක්‍රමය (Recognition of Prior Learning-RPL) අනුව ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම නොමිලේ ලබාගැනීම සදහා ලියාපදිංචි වීමට 0764271030 අංකයට තමන්ගේ නම සහ දිස්ත්‍රික්කය සදහන් කර වට්ස්ඇප් පණිවිඩයක් යොමු කර හැකි අතර වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ-ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා 0772943193 හෝ පරිසර අමාත්‍යංශයේ වායු සම්පත් කළමණාකරන හා ඕසෝන් ඒකකයේ අධ්‍යක්ෂ අප්සරා මෙන්ඩිස් 0112034222 මහත්මිය සම්බන්ධ කරගත හැක.