අන්තර්ජාල භාවිතයේ නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් අද වන විට ජනතාව විශාල වශයෙන් රැවටීමකට ලක් වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. මුදල් වංචා කිරීම, සාමය කැඩ කරන වැඩසටහන් මෙන්ම ව්‍යාජ ආගමික ප්‍රවර්ධන වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක බවත් මෙවැනි ව්‍යාජ වැඩසටහන් නතර කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය. ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, ඔන්ලයින් හිංසනයට සහ අපවාදයන්ට ලක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට මසකට පැමිණිලි 3000ක් පමණ ලැබෙන බවයි. කාන්තාවන් සහ දරුවන් හිංසාවට ලක් වීම සම්බන්ධයෙන් පසුගිය වසරේ පමණක් සිදුවීම් 20,000ක් වාර්තා වී ඇතැයිද හෙතෙම කීය.මෙයින් සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබී ඇත්තේ පැමිණිලි 400ක් පමණක් බවත් ඉතිරි සියල්ල පුද්ගලයින් හෝ ආයතන ඉලක්ක කරගෙන සිදු වූ හිංසනයන් බවද කීය. සමාජ මාධ්‍ය තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ ගිණුම් 5200ක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත්,
අනවසරයෙන් අනෙක් ගිණුම් වලට පිවිසීම් 3000ක් පමණ වාර්තා වී ඇතැයිද කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඔන්ලයින් හිංසනයට සහ අපවාද වලට ලක් වූ බොහෝ දෙනෙක්ගේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් කරන්නේ තාක්ෂණ අමාත්‍යංශය යටතේ ඇති පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංසදය බවයි. මෙතෙක් කලක් එහි වගකීම තාක්ෂණ අමාත්‍යංශය යටතට ගෙන සිදුවුවත් මෙවැනි කොමිසමක් අවශ්‍යතාවය දැඩිව දැනුන බව හෙතෙම කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
තාක්ෂණ අමාත්‍යංශය යටතේ ඇති සර්ට් ආයතනයට ඔන්ලයින් සිදුවීම් සම්බන්ධයෙන් මාසයකදී පැමිණිලි 3000ක් පමණ ලැබෙනවා. මෙම පැමිණිලි සයිබර් අපරාධ අංශයට යොමු කරනවා. එම අංශය ෆේස්බුක් මෙටා වැනි ආයතන වල ආසියාතික කණ්ඩායම් වල සහය මේ සඳහා ලබා ගන්නවා. Asian Internet Solution සමග සම්බන්ධ වෙමින් මේ සඳහා නිර්දේශ ලබා ගෙන තිබෙනවා. මෙමගින් දේශපාලනය මර්දනය වීමක් සිදු වෙන්නේ නැහැ.
මෙවැනි ආයතනයක අවශ්‍යතාවය අද අපේ රටට තිබෙනවා.පසුගිය සමයේ ස්ලිට් ආයතනයේ නීති විද්‍යාලය සමීක්ෂණයක් සිදු කළා. 4800ක් තරුණ ප්‍රජාව මේ සඳහා සහභාගී වුණා.මෙම සමීක්ෂණයෙන් තරුණ ප්‍රජාව 8.1 %ක් අන්තර්ජාලය නිසා ලිංගික හිංසනයට ලක් වන බව මෙමගින් හෙළි වී තිබෙනවා. එබැවින් මෙම පනතේ අවශ්‍යතාවය දැඩිව තිබෙනවා.
සයිබර් අපරාධ අංශයට විශාල වශයෙන් පැමිණිලි ලැබී තිබෙනවා. මෙය ග්‍රාමීය මට්ටමට ගෙන යා යුතුයි. පුහුණුව ලබාදෙමින් මේ සඳහා ග්‍රාමීය වශයෙන් පිරිස සම්බන්ධ කර ගත යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ,මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙත ලබා දෙන උපහාර පැකේජය නව සහන සමගින් නැවත ලබා දීමට අවශ්‍ය කටයුතු කර ඇති බවත්
, එම සහන පැකේජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙත ද ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇතැයිද කීය.