ඒ් අනුව රුපියල් මිලියන10ක වියදමින් බක්මීවැව ප්‍රතිසංස්කරණ කටයුතු 20වැනි දින කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ ආරම්භ කර තිබේ.
මෙය කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, ඇතුලු දුෂ්කර දිස්ත්‍රික්ක කිහිපයක් ඉලක්ක කරමින් ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි.
2024 සිට 2027 වසර දක්වා කාලය තුළ මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 47කි. මෙරට කෘෂිකර්මාන්තය ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මේ සමගම බක්මීවැව ගම්මානය කෘෂිකාර්මික ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම මගින් මෙම ගම්මානයේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද මෙදින සිදුකෙරිණි.
මෙම නව ව්‍යාපෘතිය මගින් එල්ලංගා වැව් පද්ධති තුනක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර එම පද්ධතිය ආශ්‍රිත වැව් ප්‍රතිසංස්කරණය මගින් වැඩි ජල ධාරිතාවක් රඳවාගැනීම මෙන්ම එම ජලය ඵලදායි ලෙස වගා කටයුතු සඳහා යොදා ගැනීම ඇතුලු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මීට අමතරව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම , පොලි ටනල් යටතේ වගා කිරීම ආදි කෘෂිකාර්මික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම නව කෘෂිකාර්මික ව්‍යාපෘතිය මගින් දේශගුණික බලපෑම් නිසා සිදුවන හානිවීම් අවම කර ගනිමින් ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව ද සඳහන් කළේය.
මෙම අවස්ථාවට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, පාර්ලීමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගි විය.