නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණියේ දුරුතු පෙරහැරට රථවාහන ගමනා ගමනය සීමා කෙරේ

    ජනවාරි 21, 2024

    කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනා ගමනය සීමා කර ඇතැයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    පෙරහැර 24 වැනිදා රාත්‍රී 08.00 සිට පසු දින අලුයම 03.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතය.පෙරහැරට සමගාමීව පැවැත්වෙන දේවදූත පෙරහර අද(21) සවස 3.00 සිට රාත්‍රි 8.00 දක්වා වීථි සංචාරය කෙරේ.

    ඒ අනුව, ඉහත කාලසීමාව තුළ අදාළ මාර්ගවල ගමන් කරන රියදුරන්ට පහත දැක්වෙන විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

    බියගම හා දෙල්ගොඩ දෙසට ගමන් කරන රථවාහන පෑලියගොඩ, කිරිබත්ගොඩ හරහා සපුගස්කන්ද ඔස්සේ බියගම හා දෙල්ගොඩ දෙසට ගමන් කළ හැකිය.

    බියගම හා දෙල්ගොඩ දෙස සිට කිරිබත්ගොඩ, පෑලියගොඩ හරහා කොළඹ දෙසට ගමන් කරන රථවාහන සපුගස්කන්ද,කොළඹ දෙසට ගමන් කළ හැකිය.

    පෑලියගොඩ දෙස සිට කැලණිය හරහා වැල්ලම්පිටිය, කැලණිමුල්ල, මුල්ලේරියාව හා කඩුවෙල දෙසට ගමන් කරන රථවාහන බේස්ලයින් මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත හන්දියෙන් වමට හැරී අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ වැල්ලම්පිටිය, අඹතලේ හා කඩුවෙල දෙසට ගමන් කළ හැකිය.

    කඩුවෙල, වැල්ලම්පිටිය, කැලණිමුල්ල හා මුල්ලේරියාව දෙස සිට කැලණිය හරහා පෑලියගොඩ දෙස සිට ගමන් කරන රථවාහන අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත හන්දියෙන් දකුණට හැරී බේස්ලයින් මාර්ගය ඔස්සේ පෑලියගොඩ දෙසට ගමන් කළ හැකි බව දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya