එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක සහ අධිකරණ ඇමතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද 19 අධිකරණ අමාත්‍යාංශයේ පැවැති අතර ලෝකයේ රටවල යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමේ කාලයේදී එක්සත් ජාතීන්ගේ මානසිකම් කොමිසමේ අත්දැකීම් සම්බන්ධයෙන් සම්බන්ධීකාරකවරයා ඇමතිවරයා සමඟ අදහස් හුවමාරු කර ගනු ලැබීය
ශ්‍රී ලංකාවේ යුක්තිය පසුබිලීමේ කාර්යය වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා පසුගිය කාලය තුළ ගෙන එන ලද නව නීති සහ රෙගුලාසි සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අධිකරණ ඇමතිවරයා පූර්ණ විනිවිදභාවයෙන් සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයට සියලු දෙනාගේ අදහස හා යෝජනා ලබා ගනිමින් එම නීති සම්පාදනය කළ ආකාරය එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියට පැහැදිලි කළේය.එසේම ඉදිරියේදී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද නීතිය ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාර්ගෝපදේශයන් සහ මග පෙන්වීම් වඩාත් වැදගත් වන බවද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.