නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයින් කතානායකවරයා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

    ජනවාරි 19, 2024

    මාලදිවයින පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් අස්ලාම් මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (18)දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.

    කිසි දිනක පලුදු නොවූ දෙරට අතර අනාදිමත් කාලයක සිට තිබූ සම්බන්ධතා හා රාජ්‍ය  තාන්ත්‍රික සබඳතා  පිළිබඳව අග්‍රාමාත්‍යවරයා  හා කතානායකවරයා මෙහිදී ස්මරණය කළේය.

    මාලදිවයින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ශ්‍රී ලාංකිකයින් දක්වන බුද්ධිමය දායකත්වය පිළිබඳව කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ඒ බොහෝ ශ්‍රී ලාංකික  ගුරුවරුන් මාලදිවයිනේ පෙර පාසල් සහ පාසල්වල සේවය කිරීමයි. මාලදිවයින් ආයෝජනවලින් 10%ක් ආයෝජනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් විසින් වීම විශේෂත්වයක් බව කතානායකවරයා පැවසීය.

    ආසියා කලාපයෙන් අපේ ස්ථාවර කමිටුවට ශ්‍රී ලංකාව නම් කර ඇති බවද කතානායකවරයා මෙහිදී ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායකකාදර් මස්ථාන්සිසිර  ජයකොඩිපාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධනඅග්‍රාමාත්‍ය  ලේකම් අනුර දිසානායක මෙම අවස්ථාවට එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya